මිගමුව මහරෝහලේ භූගත රැස්කිරීමේ ටැංකිවලට අසුචි මිශ්‍ර වන්නේ කෙසේද ? බස්නාහිර පළාත්සභාවේ සෞඛ්‍ය ඇමතිවරයා මේ ගැන දන්නේ මොනවාද?

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ පරිපාලන කටයුතු   සිදුවන ආකාරය පිලිබදව අපට ඇත්තේ බරපතල ගැටලුවකි. අහන දකින තොරතුරු අනුව කිසිදු පරිපාලනයක් නැතිව මෙම  රෝහල අයාලේ යන්වා දැයි කෙනෙකුට සිතෙන්නට බැරිකමක් නැත.

මේ කරුණු අප වාර්තා කරනුයේ රෝහලේ අධ්‍යක්ෂක තුමිය  සමග හෝ වෙනත් කෙනෙකු සමග ඇති ආරවුලක් අමනාපයක් නිසා නොව මෙම වාර්තා කිරීම මගින් බහුතරයකට යහපත් ප්‍රතිපල ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තු වෙනි.

රෝහලේ පානීය ජලයේ බැක්ටීරියා ඇති බවට අප විසින් පලකල පුවතට අදාලව තවත් තොරතුරු ලැබී ඇත.එම තොරතුරු වලට අනුව නිලවශයෙන් ප්‍රසිද්දියේ පිළිනොගත්තත් කාලයක පටන් මෙම බැක්ටීරියා සහිතව රෝහල තුල ජලය බෙදා හරින ලදබවට සැකයක් රෝහල් කාර්ය මණ්ඩලය තුල ඇත.එයට හේතුවී ඇත්තේ ජල පරීක්ෂණ වාර්තා පිළිබද තොරතුරු ඔවුන්ටවත් දැනගැනීමට ඉඩ නොලැබීමයි .

මෙවර ජල පරීක්ෂණ කටයුතු සිදුකිරීමට මැදිහත් වූ හෙද නිලධාරිනිය පෙර සිටි අය මෙන් තොරතරු වසන්කිරීමට සහයෝගය නොදැක්වීම නිසා තමන් පරිහරණය කරණ ජලයේ බැක්ටීරියා ඇතිබවකාර්ය මණ්ඩලයට  දැනගත හැකිවිය.මෙනිසා කාලයක් තිස්සේ අනාවරණය නොවූ තොරතුරක් සමාජ ගතවිය.

මෙම තොරතරු මාධ්‍ය හරහා අනාවරණ කිරීමෙන් අනතුරුව රෝහලේ ජලය එක් රැස්කරන භූගත ටැංකි හිස්කර පිරිසිදුකර ඇතත් එය සාර්ථක පිලියමක් නොවන බව මෙපිලිබද අපකල විමසීමකදී කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් ගෙන් දැන ගැනීමට ලැබුණි.

රෝහලේ අපජලය කළමනාකරණ ක්‍රියාවලිය බිද වැටී ඇති අතර එය පළමුව යථාවත් කලයුතු බව ද ඔවුන් වැඩිදුරටත් සදහන් කලාය.

මෙය දැනට සිටින රෝහල් අධිකාරිවරියගේ ගිණුමට පමණක් බැරකිරීමට තරම් අපි අවස්ථාවාදී නොවිය යුතු නමුත් රෝහලේ භාවිතා කරණු ලබන ජලයේ බැක්ටීරියා ඇතිබව දැන දැන ඒ ගැන නොසලකා සිටියානම් එතැන් සිට එතුමිය වගකිව යුතුය.

ජලයේ බැක්ටීරියා ඇතිබව දැනගත් විට ජලය උණුකර භාවිතයට ගන්නැයි උපදෙස දී ඇත. එම උපදෙස රෝහලක් වැනි තැනකට කොතෙක් දුරට ප්‍රයෝගිකද? අතපය සේදීම ස්නානය රෝගීන්ගේ තුවාල සේදීම ආදී සියලු කටයුතු සදහා උණුකර නිවාගත් ජලය සැපයිම  ප්‍රයෝගිකව කල හැකිකරුණක් නොවන බව අපගේ  අදහසයි

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ අප ජලය නගරයේ පොදු කානුවලට මුදාහැරිම බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිකරයිද ?

මෙම අර්බුදය පිලිබදව මීගමුවේ නාගරික සෞඛ්‍ය වෛද්‍යනිලධාරී  කාර්යාලය   ඍජුවම වගකිවයුතුය. මදුරු අගල් අපවිත්‍ර ජලය පිරුණු කානු  කිසිදු පිරිපහදු කිරීමකින් තොරව කලපුවතෙක් ගලාගෙන යන පොදු කාණුවලට රෝහල් අපද්‍රව්‍ය සහිත ජලය බැහැරකිරීම  ආදී  අදටද පෙනෙන්නට ඇති    කරුණු අනුව   රෝහල අයත් වන ප්‍රදේශයේ සේවය කරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාසයකට එක් දිනක්වත් රෝහල් පරිශ්‍රය පරික්ෂා කර නැතිබව  සනාථ වේ.

රෝහල් සංවරධන කමිටු රෝහල් කමිටු තමන් බාරගෙන සිටින වගකීම් පිලිබදව දැනුවත් දැයි සැකසහිතය.

මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන සැලැස්මක් මෙන්ම කෙටිකාලින වැඩපිළිවෙලක් ද අවශ්‍ය අතර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රෝහල් පරිපාලනයේ වගකීමකි.

 

 

 

 

 

 

 

 

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img