බියර් මිල අඩුකලේ තරුණ පරපුර මත්කර තැබීමටද?

0
802

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණු  සමග අයවැයෙන් බියර්  මිල අඩු කිරීමේ යෝජනාව   කොතෙක් දුරට ගැලපේදැයි නැවත කල්පනා කලයුතු කරුණකි.

අරක්කු පානය කලත් බිර පානයකලත් සිදුවන හානියේ වෙනසක් නැතිබව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ව්දෙස් මාධ්‍යට ප්‍රකාස කල බව වාර්තාවී තිබුණි.

ඒ අනුව බියර් බොන එක අරක්කු බොනවට වැඩිය හොද බව තමා සිතන බව මංගල සමරවීර මුදල්  අමත්‍ය වරයා පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශය පිලිබදව පාර්ලිමේන්තුවේ සිටින  අනෙක් මන්ත්‍රීවරුන් එකගදැයි නැත්දැයි දැනගැනීමට කැමැත්තක්  පොදු ජනතාවට ඇත.

මත්පැන් පානය හේතුවෙන්ම ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 10,000 -15,000 අතර අගයක් ගන්නා බව  වාර්තාවේ.

සැර මත්පැන් වෙනුවට බීර වැනි වෙනත් මත්පැන් වර්ගයක් දෙසට යොමු වීම ශරීර සෞඛ්‍ය කෙරෙහි යහපත් බලපෑමක් ඇති වේයැයි සිතීම යථාර්තයක් නොවේ .

32% මද්‍යසාර අඩංගු සැර බීමකින් ශරීරයට අවශෝෂණය වන එතනෝල් ප්‍රමාණයම 8% මද්‍යසාර අඩංගු බීර කෑන් හතරකින් ලැබෙනු ඇත.

බියර් බීම හොඳයි කියන්නේ මිත්‍යාවක්බවත් මොනවා  බිව්වත් ශරිරගතවන්නේ  එතනෝල්  බවද වෛද්‍ය පාලිත අබේකෝන්, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වරයා ප්‍රකාශ කළබවද  මාධ්‍ය වාර්තා පලවී ඇත.

බියර් මිල පහත දැමීම තුළ පාසල් දරුවන් සහ තරුණ පරපුර ද මත්පැන් කෙරෙහි යොමු වීමේ අලුත් අවදානමක් පැවතිය හැකි බවට සමාජ කතිකාවතක් ගොඩනැගී තිබේ.

- Advertisement -
Google search engine

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here