ඉන්දියාව කළඹන සමූහ දූෂණයට ලක්ව ඝාතනය වූ අට හැවිරිදි අසීෆා දැරිය

ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීම ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට හේතු වී තිබේ.

මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවිය.

එහෙත් ඇය දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම විරෝධය පළකිරීමත් සමගය.

ඒ සමගම ජම්මු කාශ්මීරයේ හින්දු සහ මුස්ලිම් භක්තිකයන් අතර මතුවෙමින් පවතින උණුසුම හේතුවෙන් අපරාධය සම්බන්ධ පරීක්ෂණවලට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රීනගර්හි ස්වාධීන මාධ්‍යවේදියෙකු වන සමීර් යසීර් පවසයි.

ජනවාරි මස 17 උදෑසන මුහම්මද් යූසුෆ් පුජ්වාලා ‘කතුවා’ නගරයෙහි පිහිටි සිය නිවස ඉදිරිපිට අසුන් ගෙන සිටින විට ඔහුගේ අසල්වාසියෙකු ඉතා කලබලයෙන් දිව එනු දුටුවේය. යූසුෆ් ඉදිරියේ නැවතුන අසල්වැසියා පැවසුවේ, යූසුෆ්ගේ අට හැවිදිරි දියණිය අසීෆා බානෝගේ සිරුර මීටර් සියයකට පමණ එපිටින් පිහිටි පඳුරක් අසල වැටී තිබෙන බවය.

“මම දැනගත්තා මගේ දරුවාට කුමක් හෝ විපතක් සිදු වෙලා කියලා,” ශෝකයෙන් බර වී ගිලුණු දෑස් සහිතව සිටි යූසුෆ් බීබීසීය සමග පැවසීය. මේ අතරතුර ඔහුගේ බිරිඳ නසීමා බීබී නොනවත්වා හඬමින් “අසීෆා” යැයි මුමුණමින් සිටියාය.

People are angry over the brutal rape and murder of Asifa BanoImage copyrightEPA

ස්ථීර පදිංචියක් නැතිව හිමාලයේ ජීවත් වන ‘ගුජ්ජාස්’ නම් මුස්ලිම් එඬේර ජන සමූහයකට අයත් යූසුෆ්, එළුවන් සහ මී හරක් රැක බලා ගනිමින් දිවි ගෙවන්නෙකි.

අසීෆාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙක් ද සිටිති. ඔවුන් සියලු දෙනාම හින්දු භක්තිකයෝය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ‘ජම්මු’ හින්දු භක්තිකයන් විරෝධතා ආරම්භ කර තිබේ.

පාලක භාරතීය ජනතා පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු ද එවැනි එක් උද්ඝෝෂණ රැලියකට එක්වීම ගැන බරපතල කෝපය පළවෙමින් තිබේ. භාරතීය ජනතා පක්ෂය, ප්‍රාදේශීය ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්ව ප්‍රාන්තයේ පාලන බලය හොබවයි.

ඒ සමගම දැරිය ඝාතනය කිරීම පිළිබඳ පමණක් නොව, චුදිතයන්ට සහාය දැක්වීමේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද දැඩි කෝපය පළකරමින් #Kathua සහ #justiceforAsifa හෑෂ්ටෑග යොදාගනිමින් ට්විටර් ජාලය ඔස්සේ බොහෝ දෙනා අදහස් පළකරති.

ප්‍රාන්තයේ මහ ඇමති මෙහ්බූබා මුෆ්ටි පරීක්ෂණයක් පවත්වන මෙන් පොලිස් අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ අසීෆාගේ දේහය හමුවීමෙන් දින හයකට පසුව ජනවාරි 23 වෙනි දිනය.

පරීක්ෂකයන් පවසන අන්දමට ඇය දින කිහිපයක් ප්‍රදේශයේ කෝවිලක රඳවාගෙන “දින ගණනාවක් දූෂණය කර, වධ දී අවසානයේ මරා දමා” තිබේ.

මුලින්ම ඇයගේ ගෙල සිර කර මරා දමා තිබෙන අතර ඉන් අනතුරුව ගලකින් දෙවතාවක් හිසට පහර දී තිබුණි.

BBC SINHALA

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img