බලපෑම නිසා කලකිරුණු කටාන ප්‍රදේශීය සභාවේ ලේකම් පැලියගොඩ යයි

-

ප්‍රාදේශීය සභාවේ පාලන කටයුතු විදිමත්ව සහ නිත්‍යානුකූලව සිදුකල කටාන ප්‍රදෙසිය  සභාවේ ලේකම්වරියට  දේශපාලන බලපෑම මත එල්ලවූ පීඩනය නිසා ඇතිවූ කලකිරීමෙන්   ස්ථාන මාරුවීමක් ලබාගෙන යෑමට සිදුවී ඇතිබව බවප්‍රාදේශීය සභාවේ සේවකයෝ පවසති.

ලේකම් වරිය  අද සිට පෑලියගොඩ මහනගර සභාවේ සේවයට් වාර්තා කරන බවත් පැලියගොඩ  නගරසභාවේ  ලේකම් වරයා කටාන ප්‍රාදේශීය සභාවට  මාරුවී පැමිණෙන බවත්  දැනගන්නට ඇත.

ඉඩම් වෙන්දේසි කරුවන්ට  නියමිත කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීමට ඉඩනොදීම නිසා ලේකම් වරියගේ පාලන කාලය තුල කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටස් කල ඉඩම්වල කානු පාරවල්  ප්‍රමිතියෙන් යුක්තව සකස් කරන්නට  වෙන්දේසි කරුවන්ට සිදුවූ බවද සේවකයෝ පවසති.

ඉඩමේ විකුණුම් මිලෙන් වෙන්දේසි ආයතන ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු  1% බදු මුදල පුද්ගලයන්ගේ සාක්කුවලට නොවැටී  සභාවේ ගිණුමට එකතු කිරීමට  ලේකම්ක්‍ වරිය ක්‍රියා කළබවද සේවක සුබසාධනය පිළිබදව සොයාබැලීම ඉහල මට්ටමක තිබු බවද සේවකයන් පවසයි.

පුද්ගලික ලාභ ප්‍රයෝජන මත මෙම  වෙනසට අකමැතිවූ සුළුපිරිසක් සහ ජාවාරම් කරුවන්  ලේකම්වරිය මාරුකර යැවීමට මුල සිටම උත්සාහ කළබවද  ප්‍රාදේශීය සභා ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

යහපලනය කාන්තා නියෝජනය  සහ කාන්තා අයිතිවාසිකම්  පිලිබදව  පෙනීසිටින බව ප්‍රකාශ කරන  කාන්තාවන් විසින් දේශපාලන  පක්ෂවල නායකත්වය උසුලන මැතිවරණ   බලප්‍රදේශයක   පිහිටි   කටානේ ප්‍රදේශීය සභාවේ ලේකම වරියට දේශපලන  බලපෑම් මත  ස්ථාන මාරුවීමක් ඉල්ලගෙන යාමට සිදුවීම හාස්‍යට කරුණක් යයි ප්‍රාදේශීය සභා සේවකයන්  ප්‍රකාස කරන බවද වාර්තාවේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here