විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය ජනපති ප‍්‍රධානත්වයෙන් 

යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප‍්‍රදානයක් වන අතර එය හුදෙක් යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරින් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිලධාරින් වෙත පමණක් ප‍්‍රදානය කරනු ලබන පදක්කමකි.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දිවිපිඳු රණවිිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසු පදක්කම් ප‍්‍රදානය ආරම්භ කරන ලදී.

ත‍්‍රිවිධ හමුදාවන්වල සේවයේ යෙදී සිටින සහ විශ‍්‍රාමික නිලධාරීන් පනස් දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූහ.

ප‍්‍රථමයෙන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන්ට ජනාධිපතිතුමා අතින් පදක්කම් ප‍්‍රදානය කෙරිණි.

ඉන් අනතුරුව සෙසු නිලධාරින් වෙත පදක්කම් ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පදක්කම් ප‍්‍රදානයෙන් අනතුරුව පදක්කම් සමග පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

NEWSLK https://sinhala.news.lk/news/world-2/item/29004-2018-05-19-11-49-25

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img