මිගමුව මහරෝහලේ පානීය ජල පරීක්ෂණ කටයුතු විධිමත් කරමු .

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ පානීය  ජලයයේ  ඊකෝලයි බැක්ටීරියාව ඇතිබව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇතිබව අපමාර්තු මස 3 දින වාර්තා කලේමු එමන්ම තවත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයකද මේ පිළිබද  වාර්තා කළේය.රෝහලක පානීය ජලයට බැක්ටීරියා කවලම්විම බරපතල ගැටලුවකි එවැනිකරුනු වාර්තා වූ පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමත් පසුවිපරම් කිරීමත් සත්‍ය තොරතුරු හෙළිදරවු කිරීමත් බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි.

මෙම කරුණ පිලිබදව අපවිසින් ජලපිරිපහදු කටයුතුවල දීර්ඝ කාලයක පළපුරුද්දක් ඇති ජලසම්පාදන මණ්ඩලයේ විශ්‍රාමික රසායනා ගාර ප්‍රධානියෙකුවන සුනිල් පොන්සේකා මහතා ගෙන් කරුණු විමසීමක් සිදුකලා .

රෝහල් වැනි ආයතන වල ජලයේ තත්වය නිරන්තර  පරීක්‍ෂාවට ලක්කිරීම  කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඒ සදහා  ඉතාමත් සරලව ක්‍රියා මාර්ග කිහිපයක් අනුගමනය කලහැකිබවත්  ඔහුපෙන්වාදුන්නා ඒ අනුව රෝහලට ජලසම්පාදන මණ්ඩලයෙන් ජලසපැයුම සම්බන්ද කර ඇති නල මාර්ගයෙන්  භූගත ජල  ටැංකි වලට ජලය එකතු වීමට පෙර ජල සාම්පලයක් ලබාගෙන සම්මත ප්‍රමිතීන්ට අනුව තිබිය යුතු ක්ලෝරීන් ප්‍රතිශතය තිබේ දැයි  දිනකට එක්වරක් වත් පරික්ෂ කිරීම් මේසදහා ක්ලෝරීන් පරීක්‍ෂා කිරීමේ ටෙස්ට් කිට් එකක් රුපියල් පන්දහසක් වැනි මුදලකට මිලදී ගත හැකි අතර ඒසදහා බාවිතා කරණ රසායනික පෙත්තක් රුපියල් දහයක් වැනි සුළු මුදලකට ලබාගත හැකිය. (DPD) එම අවස්ථාවේදී ජලයේ අඩංගු වියයයුතු ක්ලෝරීන් ප්‍රතිශතය නොමැතිනම් වහාම ජලසම්පාදන මණ්ඩලයට එබව වාර්තා කර විසදුමක් ලබාගතයුතු අතර අවම වශයෙන් දිනකට අවස්ථා තුනක් වත්  රෝහලේ ජලය ප්‍රයෝජනයට ගන්නා කරාම නියැදි වශයෙන් ගෙන ක්ලෝරීන් පරීක්ෂාවක් කිරීමත් මසකට එක්වරක් හෝ බෙදා හරින ජල ටැංකියේ ජල සාම්පලයක් බැක්ටීරියා සහ රසායනික පරීක්ෂාවක් සිදුකයුතු බවද විශ්‍රාමික රසායනා ගාර ප්‍රධානියා ප්‍රකාශ කළේය

එමෙන්ම භූගත ජල ටැංකිවල සහ බෙදාහැරීම් ටැංකිවල තැම්පත් වීඇති රොන් මඩ ආදිය ඉවත් කර ටැංකි සේදීමද අත්‍යවශ්‍ය කරුණක් බවද සුනිල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.අවසන් වරට යැවු ජලපරික්ෂණ වාර්තාව මේවනවිට ද ලැබී නැති බව දැනගන්නට ඇති අතර එම වාර්තාව ප්‍රසිද්ධියටපත්වූ පසු ජලයේ තත්වය පිළිබද නිගමනය කල හැකිවනු ඇත.

ඕනෑම ආයතනයකට පුද්ගලයෙකුට හෝ සංවිධානයකට තමන් පාවිචියට ගන්නා ජල මුලශ්‍රයේ ජලයේ තත්වය පිලිබදව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍යනම් මිගමුව තෙල්වත්ත හන්දිය අසල ශාන්ත ජෝශප් විදියේ අංක 265/6 හි පිහිටි ශ්‍රී ලක් ලැබෝරටරි ආයතනයෙන් සිදුකර ගත හැකිය එම ස්ථානයේදී සුනිල් පොන්සේකාමහතා හමුවී ජලයේ ගුණාත්මකභාවය වර්ධනය කරගැනීම සදහා අවශ්‍ය උපදෙස් නොමිලයේ ලබාගත හැකිය.කලින් වෙලාවක් වෙන්කරවගනිමට 0312220777සහ 0771385282 දුරකථනවලින් සුනිල් පොන්සේකා මහතා අමතන්න

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img