බුදුරුව සහිත පච්චයක් නිසා පිටුවල් කල බ්‍රිතාන්‍ය කාන්තාවට අට ලක්ෂයක වන්දි

සිය බාහුවේ ඉහළ කොටසේ බුදුරුව සහිත පච්චයක් (tattoo )කොටා තිබුණ හෙයින් අත්අඩංගුවට ගෙන 2014 වසරේ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලද බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

නයෝමි කෝල්මන් නම් එම කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අටලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි බ්‍රිතාන්‍ය කාන්තාව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට හවුල් වූ පොලිස් නිලධාරීන් විසින් එක් නිලධාරියකු රුපියල් පනස් දහස් බැගින් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී ජේ.සී.වැලිඅමුණ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

ඇය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ කරුණු දැක්වීමට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා තමාගෙන් කිසිදු කරුණු විමසීමක් නොකර පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කළ බව යළි සියරට පැමිණි නයෝමි කෝල්මන් බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියාය.

නයෝමි කෝල්මන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීමේ සිද්ධියට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලද අතර, බුදු රුවක් අතේ පච්ච කොටා තිබීම නිසා පුද්ගලයකු රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බව මානව හිමිකම් නීතිවේදිහු පෙන්වා දුන්හ.

කිසියම් තැනැත්තෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ හැක්කේ රටේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කළේ නම් පමණක් බව පෙන්වා දුන් මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන්නේ විදේශ ඇමතිවරයාට පමණක් බව බීබීසියට අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

සැදැහැවත් බෞද්ධයකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ “බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා” යයි නයෝමි කෝල්මන් පවසා ඇත.

මුල්පුවත BBC සිංහල වෙබ්අඩවිය

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img