ස්වර්ණමහල් සහ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම් මහ බැංකුවේ නියාමනයට

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්සාධන මට්ටම සලකා බලා එම ආයතනවල කළමනාකරණ කටයුතු සඳහා විශේෂ මණ්ඩලයක් පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එමෙන්ම එම ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම පිණිස කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමාකරමින් එම තැන්පතු මාස හයක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසිවලට අනුව සිදුකිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ආයතනය සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනවල තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස එම ආයතන සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව, එම ආයතනවල මෙහෙයුම් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින බව ද අවධාරණය කරයි.

එම ක්‍රියාමාර්ගවලට සිය සහයෝගය ලබා දෙන මෙන් මහ බැංකුව තැන්පතුකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

අදාළ ආයතනවල මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කිරීමේ අරමුණින් ඉහත කී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ කෙටිකාලීන පියවරක් වශයෙන් බව අවධාරණය කරන මහ බැංකුව ඒ සඳහා වැඩි විස්තර අවශ්‍ය නම් 0112-477258 හෝ 0112-477229දුරකථන අංක අමතන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි

මුල් පුවත bbc sinhala වෙබ්අඩවිය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img