ඇමෙරිකානු වීසා දීමට නම් සමාජ මාධ්‍ය භාවිතය පිරික්සීමේ යෝජනාවක්

රාජ්‍ය දෙපාර්තමේන්තු යෝජනාව අනුමත වුවහොත් වාර්ෂිකව මිලියන 14.7 ක පිරිසකට බලපානු ඇතImage copyrightREUTERS
Image captionරාජ්‍ය දෙපාර්තමේන්තු යෝජනාව අනුමත වුවහොත් වාර්ෂිකව මිලියන 14.7 ක පිරිසකට බලපානු ඇත

ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත් අපේක්ෂාකරන සෑම අයෙකුගේම පාහේ සමාජ මාධ්‍ය පිළිබද ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය පවසා තිබේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ එම යෝජනාවට අනුව බොහෝ වීසා ඉල්ලුම්කරුවන් ෆේස්බුක් හා ට්විටර් ගිණුම් පිළිබඳ සිය ඉතිහාසය සම්බන්ධ තොරතුරු සැපයිය යුතු වනු ඇත.

ඒ අනුව ගෙවුණු පස් වසරක සිය සමාජ මාධ්‍ය අනන්‍යතාව හෙළිකිරීමට ඔවුනට සිදුවේ.

මේ යෝජනාවට අනුව වසරකට මිලියන 14.7 ක පමණ පිරිසකට මෙය බලපානු ඇතැයි කියැවේ.

එසේ සැපයෙන තොරතුරු, සංක්‍රමණ හා සංක්‍රමණික නොවන වීසා අපේක්ෂා කරන පුද්ගලයින් හඳුනාගැනීමට මෙන්ම දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට යොදා ගැනේ.

මීට අමතරව අදාළ ඉල්ලුම්කරුවන්, ගෙවුණු වසර පහ තුළ තමන් පරිහරණය කරන ලද දුරකථන අංක, ඊමේල් ලිපින මෙන්ම සංචරණ පිළිබඳ තොරතුරු ද සැපයිය යුතු වනු ඇත. කිසියම් රටකින් කෙදිනක හෝ පිටුවහල් කර ඇතිදැයි යන්න ද සඳහන් කළ යුතු අතර, එසේ නැතිනම් සිය කවර හෝ ඥාතියකු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධවී ඇති දැයි යන්න ද සඳහන් කළ යුතු වනු ඇත.

වසරකට මිලියන 14.7 ක පමණ පිරිසකට මෙය බලපානු ඇතැයි කියැවේ.Image copyrightAFP/GETTY IMAGES

වීසා බලපත් තොරව සිය රටේ සංචාරය කිරීම සඳහා ඇමෙරිකාව විසින් ප්‍රතිපාදන සලසනු ලැබ ඇති රටවල් අතරට ගැනෙන එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය හා ජර්මනිය වැනි රටවල පුරවැසියන්ට මෙම යෝජනාවෙන් බලපෑමක් එල්ල නොවනු ඇත. කෙසේවෙතත්, ඉන්දියාව, චීනය හා මෙක්සිකෝ වැනි රටවල පුරවැසියන් රැකියා හෝ නිවාඩු සඳහා පැමිණෙන්නේ වුවද ඔවුන් මීට ඇතුළත් විය හැක.

සමාජ මාධ්‍ය පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් දැනට ඇති තත්ත්වය

පසුගිය මැයි මාසයේදී මේ සම්බන්ධයෙන් යම් නීති ගෙන එද්දී එවක රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල නිවේදනයක කියවුණු පරිදි, පුද්ගලයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ තොරතුරු ලබාගන්නා ලෙස නිලධාරීන් දැනුවත් කෙරුණේ, “අනන්‍යතාව තහවුරු කරගැනීමට හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් තදබල ලෙස සුපරීක්ෂණයක් කිරීම සඳහා එම තොරතුරු අවශ්‍ය වන්නේ යැයි” හැඟෙන්නේ නම් පමණි.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා යැයි පවසමින්, එක්සත් ජනපදයට ඇතුළුවන විදේශිකයින් සඳහා “අතිශය දැඩි සුපරීක්ෂණයක්” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ට්‍රම්ප් දුන් පොරොන්දුවෙන් පසු මේ වඩාත් දැඩි යෝජනාව ඉදිරිපත් විණි.

යෝජනාව ක්‍රියාවට නැගීම තීරණය වන්නේ කෙසේද?

මෙම යෝජනාවට කළමනාකරණ හා අයවැය පිළිබඳ කාර්යාලයේ අනුමැතිය ලැබිය යුතුව වේ.

ඒ පිළිබඳ තීරණයක් ගැනීමට පෙර යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළකිරීම සඳහා මහජනයාට මාස දෙකක කාලයක් ඉඩ දෙනු ඇත.

භාෂණයේ නිදහසට ඇතිවන බලපෑම කුමක්ද?

මෙම ප්‍රතිපත්තිය හෙලාදකින සිවිල් නිදහස පිළිබඳ කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙය භාෂණයේ නිදහසට හානි කළ හැකි ආකාරයේ පුද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් ලෙසිනි.

“තමන් අන්තර්ජාලයේ පළකරන දේවල් ආණ්ඩුවේ නිලධාරීන් වරදවා වටහා ගනීවිදැයි යන්න ගැන මිනිසුන්ට දැන් හිතන්නට වේවි” යැයි ඇමෙරිකානු සිවිල් නිදහස් සංගමයේ හිනා ශම්සි පැවසුවාය.

“ට්‍රම්ප් පරිපාලනය ‘ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්’ යන අපැහැදිලි හා වැඩිපුර භාවිත කරන යෙදුමෙන් අර්ථගන්වන්නේ කුමක්ද යන්න ගැනත් අප අවධානය යොමු කර තිබෙනවා. මොකද කීවොත්,මූලික වශයෙන් එය දේශපාලනකිකයි. ඒ නිසා කිසිම වරදක් නොකළ ආගමනිකයින්ට වෙනස්කොට සැලකීම සඳහා එය යොදා ගන්නට ඉඩ තිබෙනවා ” යැයි ද ඇය සඳහන් කළාය. යෝජනාවලින් ආවරණය කෙරෙන සමාජ මාධ්‍ය ජාල අතරට ඇමෙරිකාව මූලික කරගත් ඉන්ස්ටග්‍රෑම්, ලින්ක්ඩ්ඉන්, රෙඩිට් හා යූටියුබ් ද අයත්වේ. කෙසේවෙතත්, චීනයේ සීනා වෙයිබෝ (Sina Weibo) සහ රුසියාවේ වීකේ (VK) වැනි සමාජ මාධ්‍ය ජාල ද ඊට ඇතුළත් කෙරෙනු ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවක දැක්විණි.

BBC.SHINHALA

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img