ලොව විශාලතම ගුවන් යානාවක් වන Antonov 225 (අන්තෝනොෆ් – 225) වර්ගයට අයත් භාණ්ඩ ප්‍රවාහක ගුවන් යානාවක් ප්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපොළට අද උදෑසන 6.35 ට පමණ ගොඩ බස්වනු ලැබුණි.
රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙය මැලේසියාවේ සිට පැමිණ ඇති අතර බදාදා (18) රාත්‍රී නැවත කරච්චි බලා පිටත් වීමට නියමිත බව ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය පැවසීය.

24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ගුවන් යානාව භාණ්ඩ නොමැතිව ටොන් 640 බරින් යුක්තය.

ඉන්ධන ලබාගැනීමට සහ ගුවන් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සදහා මෙම දැවැන්ත ගුවන් යානය මත්තලට ගොඩ බස්සවා ඇත.
”අන්තනොෆ් ගුවන් සමාගම තම ගුවන් ගමන් මෙහෙයුම් සඳහා මත්තල ගුවන් තොටුපල පසුගිය මාස හයක කාලය පුරාවටම භාවිත කළා. එම නිසා විශාල විදේශ විනිමයක් රටට ලැබුණා” යැයි කලංසූරිය පැවසුවේය.

මෙම ගුවන් යානය ගොඩ බැස්ස වීමෙන් රුපියල් මිලියන දහතුනකට වැඩි ආදායමක් ලංකාවට ලැබුණ බව ද උපුල් කලන්සූරිය පැවසුවේය.

”විශේෂයෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෝකයේ තිබෙන ඕනෑම ගුවන් යානාවක් ගොඩ බැස්සවීමට සුදුසු ගුවන් ධාවන පථයක් සහිතව සකස් කර තිබෙනවා. එම තත්ත්වයන් සලකා බලා ගුවන් තදබදය නොමැතිකමත් ඉක්මනින් සේවා ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා මෙම ගුවන් සමාගම් තම ගුවන් යානා මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බැස්සවීමට කටයුතු කරනවා. මීට පෙර මෙවැනි විශාල ගුවන් යානයක් ලංකාවට පැමිණ නැහැ.”
‘Antonov An-225 Mriya (අන්තනොෆ් – අන් 225 ම්රියා)’ ලෙස හැඳින්වූ 2016 වර්ෂයේදී ලොව විශාලතම යානය, එම වසරේ මාර්තු මස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවූ අවස්ථාවේ එය නැරඹීම පිණිස විශාල පිරිසක් රැස් වී සිටියහ. එය මීටර 84 ක් දිග වූ අතර භාණ්ඩ නොමැතිව ටොන් 175 ක බරකින් යුක්ත විය.

BBC SINHALA