32 C
Negombo
32 C
Negombo

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ශ‍්‍රී ලංකාවට

-

පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩල 25 වන රාජ්‍ය නායක සමුළුව  ඊයේ (19) ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණු අතර අද පස්වරුවේ පැවති එහි රාජ්‍ය නායක ප‍්‍රධාන සැසිය අතරතුරදී මේ බව ප‍්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව ලෝකයේ කඩොලාන සංරක්ෂණය පිළිබඳ සිදුකරන කාර්යයන් සොයාබැලීම සහ කි‍්‍රයාවට නැංවීම උදෙසා කි‍්‍රයාකාරි කමිටුවක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානත්වයෙන් නම් කිරීමට නියමිතය.

2015 වසරෙන් පසුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් කි‍්‍රයාවට නංවන ලද කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතීන් ඉතා සාර්ථක ව්‍යාපෘතීන් ලෙස ලෝකයේ අවධානයට ලක්වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස කඩොලාන සංරක්ෂණය පිළිබඳ ලොව ඉහළම ප‍්‍රගතියක් අත්කරගත් රටක් ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබේ.

NEWS.LK

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.