මත්තලට පැමිණි ලොව විශාලතම ගුවන් යානාව

ලොව විශාලතම ගුවන් යානාවක් වන Antonov 225 (අන්තෝනොෆ් – 225) වර්ගයට අයත් භාණ්ඩ ප්‍රවාහක ගුවන් යානාවක් ප්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපොළට අද උදෑසන 6.35 ට පමණ ගොඩ බස්වනු ලැබුණි.

රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙය මැලේසියාවේ සිට පැමිණ ඇති අතර බදාදා (18) රාත්‍රී නැවත කරච්චි බලා පිටත් වීමට නියමිත බව ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය පැවසීය.

විශාලතම ගුවන් යානය, මත්තල

24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ගුවන් යානාව භාණ්ඩ නොමැතිව ටොන් 640 බරින් යුක්තය.

ලොව විශාලතම ගුවන් යානය මත්තලට

ඉන්ධන ලබාගැනීමට සහ ගුවන් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සදහා මෙම දැවැන්ත ගුවන් යානය මත්තලට ගොඩ බස්සවා ඇත.

”අන්තනොෆ් ගුවන් සමාගම තම ගුවන් ගමන් මෙහෙයුම් සඳහා මත්තල ගුවන් තොටුපල පසුගිය මාස හයක කාලය පුරාවටම භාවිත කළා. එම නිසා විශාල විදේශ විනිමයක් රටට ලැබුණා” යැයි කලංසූරිය පැවසුවේය.

ලොව විශාලතම ගුවන් යානය මත්තලට

මෙම ගුවන් යානය ගොඩ බැස්ස වීමෙන් රුපියල් මිලියන දහතුනකට වැඩි ආදායමක් ලංකාවට ලැබුණ බව ද උපුල් කලන්සූරිය පැවසුවේය.

ලොව විශාලතම ගුවන් යානය මත්තලට

”විශේෂයෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෝකයේ තිබෙන ඕනෑම ගුවන් යානාවක් ගොඩ බැස්සවීමට සුදුසු ගුවන් ධාවන පථයක් සහිතව සකස් කර තිබෙනවා. එම තත්ත්වයන් සලකා බලා ගුවන් තදබදය නොමැතිකමත් ඉක්මනින් සේවා ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා මෙම ගුවන් සමාගම් තම ගුවන් යානා මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බැස්සවීමට කටයුතු කරනවා. මීට පෙර මෙවැනි විශාල ගුවන් යානයක් ලංකාවට පැමිණ නැහැ.”

Antonov An-225 Mriya (අන්තනොෆ් – අන් 225 ම්රියා)’ ලෙස හැඳින්වූ 2016 වර්ෂයේදී ලොව විශාලතම යානය, එම වසරේ මාර්තු මස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවූ අවස්ථාවේ එය නැරඹීම පිණිස විශාල පිරිසක් රැස් වී සිටියහ. එය මීටර 84 ක් දිග වූ අතර භාණ්ඩ නොමැතිව ටොන් 175 ක බරකින් යුක්ත විය.

Antonov An-225 Mriya (අන්තනොෆ් - අන් 225 ම්රියා)Image copyrightGETTY IMAGES
Image caption‘Antonov An-225 Mriya (අන්තනොෆ් – අන් 225 ම්රියා)’ ලෙස හැඳින්වූ 2016 වර්ෂයේදී ලොව විශාලතම යානය, එම වසරේ මාර්තු මස ඕස්ට්‍රේලියාවට පර්ත් නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවූ අවස්ථාවේ එය නැරඹීමට විශාල පිරිසක් රැස් වී තිබිණ

BBC SINHALA

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img