එළියේ ඩිජිටල් උනාට ඇතුලේ ඇනලොග්

මීගමුවේ ඇති ප්‍රධාන පෙලේ මිශ්‍ර  පාසලක් තව නොබෝ දිනකින් තමන්ගේ පාසැල් උපන්දිනය සැමරීම සදහා වන සුදානම පිලිබදව තොරතරු ඇතුලත් කරන ලද  ඩිජිටල් දැන්වීම් පුවරුවක් පාසල ඉදිරිපිට සවිකර ඇත.

මෙම පුවරුව පිලිබදව ඒ  අසල දී හමුවූ මිතුරෙකු කරනලද   ප්‍රකාශයක්  සහ  තවත් කිහිපදෙනක්  පලකල අදහස් මෙහි පළකරන්නේ කිසිවෙකු සමග හෝ එම පාසල සමග ඇති පුද්ගලික අමනාපයකට හෝ අපහාස උපහාස කිරීමේ අරමුණින් නොවන බව පළමුව සදහන් කරමු.

වසර 15 ක් වැනි දිර්ග කාලයක් පාසලේ දියුණුව සලසන බව පෙන්වමින් ගෙනගිය ඒක පුද්ගල ඇස්බැන්දුම් ක්‍රියාවලියට තිත තැබීමට ලගදී උදාවන   අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පාසලට ආදරය කරන සියලු දෙනා එක්වී   අලුත් ආරම්භයක් සදහා සැලසුම් සකස් කලයුතුබවට විවිධ තැන්වල කරන හුදකලා  සාකච්ඡා පුළුල් සහ අර්ථාන්විත කිරීමට මග විවර කිරීම මෙම ලිපියේ ප්‍රමුකතම අරමුනයි.

පසුගිය වසර 15 තුලම සිදුවුයේ විවිධ උපක්‍රම හරහා ආදීශිෂ්‍ය සංගම් පාසැල් සංවර්ධන සමිති හිලෑ කරගනිමින් හෝ බේද කර තනි පුද්ගලයෙකුගේ පැවැත්ම සදහා කටයුතු කිරීමයි.වැලයන අතට මැස්ස ගසමින් බලයට පැමිණෙන සහ බලය ඇති දේශපාලකයන් ගේ සහය ලබාගැනීමට ද මෙම ලොක්කා සමත් විය.  එමෙන්ම වරිවර එල්ලවූ විවිධ චෝදනා වලින් ගැලවී යාමට නිලධාරීන්ගේ සහයෝගයද නොඅඩුව ලැබුණු බවටද  ජනතාව අතර සංවාදයක් ඇත.

වෙනත් අය මහන්සිවී ලබාගන්නා ජයග්‍රහණ පාසැල ඉදිරිපිට බැනර් එල්ලා තමන්ගේ කරගැනීමට ක්‍රියා කල මෙම  ලොක්කා එල්ලවන සියලු චෝදනා අනෙක් ගුරුභවතුන් ගේ කරපිට පැටවිමටද කිසිවිටක මැලිනොවිය.

පංති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව ට වඩා සිසුන් ඇතුලත් කරගැනීමට කැමැත්තක් දැක්වූ මෙම ලොක්කා එම වැඩිපුර ඇතුලත් කරගන්නා ලද සිසුන් ඇතුලත් කරගත් ආකාරය පිළිබදවද දෙමවුපියන් අතර විවිධ කතාබහ කලින් කලට ඇතිවිය.සමහර පංතිවල සිසුන් 50-53 සිටි අවස්ථාද තිබී ඇත.

ප්‍රතිශතාත්මකව  ගත් කල පාසලේ අධ්‍යාපන කටයුතු විෂය බාහිර කටයුතුවල මෙන්ම පාසලේ භෞතික සම්පත් වල වර්ධනයක් සිදුවී නැත.

එහෙත් වසර පහළොවකට පෙර යතුරුපැදියකින් පැමිණි ලොක්කාට වටිනා වාහනයකින් විශ්‍රාම යාමට හැකිව ඇතයි යන කතාවක් ද ඩිජිටල් බෝර්ඩ් එක යටදී අසන්නට ලැබුණි.

මෙම කතාවට වස්තුබිජය සැපයූ මිතුරාගේ ප්‍රකාශයෙන් මෙම ලිපිය අවසන් කරමු “එළියේ ඩිජිටල් උනාට ඇතුලේ ඇනලොග්” මචං

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img