බ්‍රිතාන්‍යයේ රාජකීය මංගල්‍යය හැඩකළ විලාසිතා

-

හැරී කුමරු සහ මේගන් මාකල් අතර මාර්තු 19 වෙනිදා පැවති රාජකීය විවාහ මංගල උත්සවයේ නිල මංගල ඡායාරූප සහ එහි පැමිණි අමුත්තන්ගේ විලාසිතා ගැන ලොව පුරා අවධානය යොමුව ඇත.

වින්ඩ්සර් නගරයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන් පැවති විවාහ මංගල්‍යය සඳහා 600ක පිරිසක් ආරාධනා ලබා සිටියහ. මේගන් මාකල්ගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගී වූයේ ඇයගේ මව, ඩොරියා රග්ලන්ඩ් (Doria Ragland), පමණි.

Royal wedding 2018Image copyrightAFP
Image captionහොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි නීතීඥවරියක් වන ඔහුගේ බිරිඳ අමල් ක්ලූනි සමග රාජකීය මංගල උත්සවයට සහභාගී වෙමින්
Royal wedding 2018Image copyrightAFP
Image caption‘ලැවෙන්ඩර්’ දම් පැහැති ඇඳුමකින් සැරසුනු ප්‍රියංකා චොප්රා සහ ‘පොල්කා’ බින්දු සහිත ගවුමක් ඇඳි ඇබිගේල් ස්පෙන්සර් ඇතුළු ඇමරිකාවේ සිට පැමිණි මේගන් මාකල්ගේ යෙහෙළියන්
Royal wedding 2018Image copyrightREUTERS
Image captionහිටපු පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම්
Royal wedding 2018Image copyrightREUTERS
Image captionහැරී කුමරුගේ පැරණි පෙම්වතියන් දෙදෙනා වන ක්‍රසිඩා බොනෑස් සහ චෙල්සි ඩේවිට ද රාජකීය මංගල උත්සවය සදහා ආරාධනා ලැබී තිබුණා
Royal wedding 2018Image copyrightPA
Image captionලා දළු පැහැති ඇඳුමකින් සැරසුනු මේගන් මාකල්ගේ මව ඩොරියා රග්ලන්ඩ් විවාහ උත්සවයේදී හැඟුම්බර වී සිටින අවස්ථා දැක්වෙන ඡායාරූප ලොව පුරා ඉතා ප්‍රසිද්ධියට පත් වුණා
Royal wedding 2018Image copyrightREUTERS
Image captionලා කොළ සහ දම් පැහැය මිශ්‍ර ඇඳුමකින් සැරසී සිටි 92 වෙනි වියේ පසුවන එලිසබත් මහරැජිණ සහ 96 වෙනි වියේ පසුවන ෆිලිප් කුමරු
Royal wedding 2018Image copyrightAFP
Image captionහැරී කුමරුගේ හොඳම මිතුරෙකු වන ජේම්ස් බ්ලන්ට් සහ කොලරයක් සහිත මල් ගවුමකින් සැරසී සිටි ඔහුගේ බිරිඳ, සොෆියා වෙලෙස්ලි
Royal wedding 2018Image copyrightPA
Image captionවිවාහ උත්සවය සදහා වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානට පැමිණි බියට්‍රිස් කුමරිය සහ ඉයුජීනි කුමරිය සිය පියා ඇන්ඩෘ කුමරු සමග
Royal wedding 2018Image copyrightREUTERS
Image captionලෝක ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ලා රෝස පැහැති ඇඳුමකින් සැරසී
රාජකීය විවාහ මංගල උත්සවය 2018
Image captionඩයනා කුමරියගේ සොයුරු ස්පෙන්සර් අර්ල්වරයා සහ දම් පැහැති ඇඳුමකින් සැරසුනු ඔහුගේ බිරිඳ කැරන්
Royal wedding 2018Image copyrightREUTERS
Image captionහැරී කුමරුගේ ඥාති සහෝදර සහෝදරියන් වන එලිසා ස්පෙන්සර්, ලුවිස් ස්පෙන්සර්, කිටී ස්පෙන්සර් සහ ඔවුන්ගේ මව වික්ටෝරියා එයිට්කන් (වම පස). එඩ්විනා ලුවිස් ග්‍රොස්වනර් සහ ඩෑන් ස්නෝ (දකුණුපස)
Royal wedding 2018Image copyrightPA
Image captionමේගන් මාකල් රංගනයෙන් දායක වූ ‘සූට්ස්’ ඇමරිකානු ටෙලි නාට්‍ය මාලාවේ ඇයගේ සැමියා ලෙස රඟපෑ පැට්‍රික් ජේ. ඇඩම්ස්
Royal wedding 2018Image copyrightPA/REAUTERS
Image captionකේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් මිඩ්ල්ටන්ගේ සොහොයුරිය පිපා මැතිව්ස් සහ දෙමාපියන්
Royal wedding 2018Image copyrightPA
Image caption‘සුට්ස්’ නාට්‍ය මාලාවේ ‘රේචල්’ චරිතයට පණ පෙවූ මේගන් මාකල්ගේ හොඳම මිතුරිය ලෙස රඟපෑ සාරා රැෆර්ටි
Royal wedding 2018Image copyrightPA/REUTERS
Image captionගායිකාවක් වන ජොස් ස්ටෝන් මල් රටා සහිත ගවුමකින් සැරසී සිටි අතර, දකුණුපස සිටින්නේ රග්බි ක්‍රීඩක ජේම්ස් හැස්කෙල් ඔහුගේ බිරිඳ ක්ලෝ මැඩලි සමග
Royal wedding Guests 2018Image copyrightPA
Image captionප්‍රකට නළු ඉඩ්රිස් එල්බා ඔහුගේ බිරිඳ සබ්රිනා ඩොව්රි සමග ඉදිරියෙන් ගමන් කරන අතර, අලංකාර ලා රෝස පැහැති ගවුමකින් සැරසී පසුපසින් සිටින්නේ ඇමරිකානු රූපවාහිනී නිවේදිකාවක් වන ඔප්රා වින්ෆ්‍රී
රාජකීය විවාහ මංගල උත්සවය 2018Image copyrightAFP
Image captionකේරි මුලිගන් සහ ඇයගේ ස්වාමිපුරුෂයා මාකස් මම්ෆෝඩ්
Royal wedding Guests 2018Image copyrightREUTERS
Image captionඑංගලන්තයේ හිටපු රග්බි නායක මයික් ටින්ඩොල් සහ ඔහුගේ බිරිඳ සාරා ටින්ඩොල්
Royal wedding Guests 2018Image copyrightAFP
Image captionලෝක ප්‍රසිද්ධ ගායකයෙකු වන එල්ටන් ජෝන් සහ ඔහුගේ ස්වාමිපුරුෂයා වන ඩේවිඩ් ෆර්නිෂ්
Royal wedding 2018Image copyrightTHE DUKE AND DUCHESS OF SUSSEX / ALEXI LUBOMIRSKI
Image captionරාජකීය විවාහ මංගල උත්සවයේ පවුලේ නිල ඡායාරූපය
Royal wedding 2018Image copyrightTHE DUKE AND DUCHESS OF SUSSEX / ALEXI LUBOMIRSKI
Royal wedding 2018Image copyrightPA
Image captionහැරී කුමරු සහ ඔහුගේ දෙවෙනි මනමාලයා වූ විලියම් කුමරු
Royal wedding 2018Image copyrightGETTY IMAGES
Image captionමේගන් මාකල්ගේ මංගල ඇඳුම සහ 2011 දී විවාහ වූ විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන්ගේ මංගල ඇඳුම සංසන්දනය කරමින් සමාජ මාධ්‍ය ජාල තුළ විශාල කතා බහක් ඇති වී තිබේ
BBCSINHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here