බිලිඳියට මව්කිරි දෙමින් වේදිකාවට ආ නිරූපිකාව මෝස්‌තර දැක්ම කළඹයි

ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසීම හේතුවෙන් පැමිණ සිටි පිරිස මහත් කැළඹීමට පත්ව ඇත.

මාරා මාටින් මාස පහක් වයසැති සිය දියණිය ආරියා අතැතිව වේදිකාවට ගොඩවූ එම මෝස්‌තර දැක්ම පසුගිය ඉරිදා මෙම සංදර්ශනය පැවැත්වුනේ ජල ක්‍රීඩා සඳහා උචිත පිහිනුම් ඇඳුම් නිරූපණය කිරීම වෙනුවෙනි.

“මට විශ්වාස කරන්න බැහැ මම දිනපතා යෙදෙන ක්‍රියාවක් මුල් කරගෙන මම සහ මගේ දියණිය පුවත් සිරස්තල බවට පත් වෙලා කියන එක” යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි.

සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු ඇයගේ ක්‍රියාව අගයමින් විවිධ වැකි පළ කර තිබූ නමුත් ඇය අවධානය දිනා ගැනීමට උත්සහ කරන බවට සමහරු චෝදනා නැගූහ.

මෙම මෝස්තර නිරූපණ සංදර්ශනයට ඉදිරිපත් වීම සඳහා තරග කළ නිරූපිකාවන් අතුරෙන්, මාරා මාටින් අවසාන වටයට තේරුණු දහසය දෙනා අතර සිටියාය.

රත්‍රන් පැහැති කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසුණ ඇය නිරූපණයේ යෙදෙන අතරතුර ආරියාට මව් කිරි දී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

සංගීතයෙන් සහ පැමිණ සිටි පිරිසෙන් නැගෙන ඝෝෂාවෙන් දරුවා ආරක්ෂා කිරීමට ඇයගේ කන් ආවරණය කර තිබෙනු දක්නට ලැබිණි.

“වේදිකාවේ ඇවිදින අතරතුර දරුවාට කිරි දීම අම්මා කෙනෙක් විදියට මගේ කතාවයි,” මාරා මාටින් පසුව සටහන් කර තිබුණි.

ඇයට සහාය පළ කරමින් බොහෝ දෙනෙකු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පණිවිඩ යවා තිබෙනු දක්නට ඇත.

“මෙය ඉතාමත් ප්‍රබෝධමත් ක්‍රියාවක්!!!!! මම ඉතා කැමතියි මෙයට!!!!,” එක් පණිවිඩයක සඳහන් විය.

“ඔව්!!!!! මේ වගේ එඩිතර වීම ගැන සහ මව් කිරි දීම සාමාන්‍යය දෙයක් බවට පත්කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා!! මෙයින් මා ඉතා සතුටට පත්වෙනවා” යැයි තවත් පණිවිඩයක සටහන් වී තිබුණි.

නමුත් මෙයට සියලුදෙනාගේම කැමැත්ත හිමි වූයේ නැත.

“ඇයි ඔබ මේ වගේ දෙයක් කළේ? මම සිතන්නේ ඔබට අවධානය අවශ්‍ය වෙලා වගේ” යැයි එක් පුද්ගලයෙකු සටහන් කර තිබුණි.

තවත් තොරතුරු:

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img