Friday, July 31, 2026
27.2 C
Negombo

ගල් ගුහාවෙන් මුදාගත් තායි දරුවෝ 11 දෙනා තාවකාලික පැවිද්ද ලබති

බැංකොක්හිදීය (රොයිටර්)

 දින 18කට ආසන්න කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණයේ සිර වී සිට මුදාගත් දරුවන්ගෙන් 11 දෙනා අද (25) තාවකාලික පැවිදි දිවියට එළැඹුණාහ.

ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ සමන් කුනාන් සිහිපත් කරමින් සහ තායිලන්ත සම්ප්‍රදාය අනුගමනය කරමින් ඔවුන් එලෙස තාවකාලික පැවිද්ද ලබාගත්හ.

ගල් ගුහාවේ සිර වූ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු දැවැන්ත මෙහෙයුමකින් පසු මුදා ගැනීමට හැකියාව ලැබුණු අතර විදෙස් කිමිදුම්කරුවන් ඇතුළු කිමිදුම්කරුවන් 90 දෙනකුගේ සහභාගීත්වයෙන් එම මෙහෙයුම ආරම්භ වුණා. කිමිදුම්කරුවන්ට අමතරව තායිලන්ත සහ ජාත්‍යන්තර මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක්ම ඊට එක්විය.

දරුවන් 12 දෙනා ‘වයිල්ඩ් බෝර්ස්’ නැමැති පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් වන අතර ඔවුන්ගේ කණ්ඩායමේ 12 වැනි සාමාජිකයා වන 14 හැවිරිදි අදුල් සාම් ඕන් ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ අතර ඔහු මීට සහභාගී නොවීය.

උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ වත් ප්‍රා තාත් දෝ තන්ග් විහාරස්ථානයේ දී මද වර්ෂාව මධ්‍යයේ දරුවන් 11 දෙනා පැවිදියට ඇතුළත් වූහ.

දරුවන් 11 දෙනා වෙනත් විහාරස්ථානයකට යෑමට නියමිත අතර එහිදි ඔවුන් දින නවයක් බුද්ධ ධර්මයේ ඉගැන්වීම් සහ ශික්ෂා පිළිපදිමින් කටයුතු කරනු ඇත. බුදුදහම යනු තායිලන්තයේ ප්‍රධාන ආගමයි.

ඔවුන් මෙලෙස ශික්ෂා පිළිපදිමින් කටයුතු කිරීම මගින් තායිලන්තයේ තාවකාලික පැවිද්ද සම්ප්‍රදාය අනුගමනය කෙරෙන අතරම දරුවන්ගේ ආරක්ෂාව පතා ඔවුන්ගේ මාපියන් කරන ලද පොරොන්දු ඉටු කිරීම ද සිදුවන බව පැවසේ.

එපමණක් නොව දරුවන් පැවිදි දිවියට එළැඹියේ ඔවුන් බේරාගැනීමට ගොස් මියගිය සමන් කුනාන් සිහිපත් කරමින් වීම ද විශේෂත්වයකි. සමන් කුනාන් යනු තායිලන්තයේ හිටපු ‘මරීන් කිමිදුම්කරුවෙකි’. ඔක්සිජන් හිඟවීම නිසා ඔහු ජීවිතක්ෂයට පත්විය.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img