කැබිනට් හමුව අතරමැද අඩාල වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 16) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී එකක් වූ බවට බීබීසියට වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩල හමුව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමා විවේචන කිරීම ගැනත් තමාට නොදන්වා ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනීම ගැනත් දැඩි අප්‍රසාදය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කර ඇති ජනාධිපතිවරයා ඉන් අනතුර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් ඇත.

ජනාධිපතිවරයා එසේ නැගිට ගොස් තිබෙන්නේ කැබිනට් පත්‍රිකා පවා සාකච්ඡාවට ගැනීමට පෙර බවත් කැබිනට් ආරංචි මාර්ග මගින් පැවසෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙක් කැබිනට් රැස්වීමෙන් ඉවත්ව ගිය ජනාධිපතිවරයා හමු වී ඔහු නැවත රැස්වීමට කැඳවා ගෙන පැමිණි බව බීබීසියට අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති එම රැස්වීමට සහභාගි වූ ඇමතිවරයෙක් බීබීසියට සඳහන් කළේය.

පැය බාගයක පමණ කාලයක් මේ හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ඇනහිටි බවත් එම ඇමතිවරයා පවසයි.

බැඳුම්කර කොමිසම පත් කළේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට නොවන බව කැබිනට් ඇමතිවරුන් හමුවේ කියා සිටි ජනාධිපතිවරයා, තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබ ඇති විවේචනාත්මක ප්‍රකාශ දැඩි දෝෂ දර්ශනයට ලක්කොට ඇත.

මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහImage copyrightGETTY IMAGES

හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, චමින්ද විජේසිරි සහ එස්.එම් මරික්කාර් යන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් නමින් සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ ප්‍රකාශයන් විවේචනයට ලක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මහජන රැස්වීම්වලදී පසුගිය දින කීපය තුළ ජනාධිපතිවරයා විවේචනය කරමින් විවිධ ප්‍රකාශ සිදු කළ අතර එම ප්‍රකාශයන්ට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ප්‍රචාරක රැස්වීමකදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන “පිට්පොකට් ජනාධිපතිවරයෙකු” ලෙස හඳුන්වා දුන්නේය.

“මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාල ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙලියා වගේ, අපේ ඡන්දෙන් ජනාධිපති වෙලා අපිට කෙලින්නම් කියල බලන් ඉන්නේ” යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන අගමැතිවරයා දැඩි ලෙස විවේචනය කරමින් සිටියදී, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ජනාධිපතිවරයා විවේචනය කිරීමට අයිතියක් ඇති බව ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් වූ මන්ත්‍රීවරයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේය.

තමා විවේචනය කරන ප්‍රකාශ වලට අමතරව සමාජයට බලපාන සහ රජය අපහසු තත්වයට ලක් කෙරෙන ඇතැම් තීරණ තමන්ට නොදන්වා ගැනීම ගැනත් ජනාධිපතිවරයා කැබිනට් හමුවේ දී සිය විරෝධය පළකර ඇත.

ජනාධිපතිවරයා එම අදහස පළකළේ කාන්තාවන්ට මත්පැන් සම්බඉවත් කරමින් පසුගියදා නිකුත්කළ ගැසට් පත්‍රය ගැන සඳහන් කරමිනි.

එම විවාදාත්මක ගැසට් නිවේදන අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත

BBC සිංහල වෙබ්අඩවිය

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img