එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි

2018 ජනවාරි 14

'සල්මනෙල්ලා' (salmonella) අපචාරයට හවුල් 'ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත.Image copyrightAFP
Image caption‘සල්මනෙල්ලා’ (salmonella) අපචාරයට හවුල් ‘ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත.

‘සල්මනෙල්ලා’ (salmonella) අපචාරයට හවුල් ‘ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත.

එම ළදරු කිරිපිටි තොගය මගින් ඇති කෙරෙන හානිකර ප්‍රතිවිපාකයේ මට්ටම සම්බන්ධයෙන් ප්‍රංශ ජනමාධ්‍ය මගින් පෙන්වා දෙන ලද කරුණු ‘ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ද මේවනවිට තහවුරු කරනු ලැබ ඇත,

‘ලැක්ටලිස්'(Lactalis) කිරිපිටි නිපදවනු ලබන කම්හලෙන් ‘සල්මනෙල්ලා’ (salmonella) බැක්ටීරියාව සොයාගනු ලැබීමෙන් අනතුරුව, ඔවුන් විසින් වෙළෙඳපොළට එක් කරනු ලැබ තිබුණ නිෂ්පාදන ආපසු ගෙන්වා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේ පටන් ආරම්භ විය.

‘ලැක්ටලිස්'(Lactalis) පානය කළ තම දරුවන් අපහසුතාවයන්ට පත් වූ බවට පැමිණිලි කරන ඇතැම් දෙමව්පියෝ සමාගමට එරෙහිව නඩු මගට බැස ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර ‘ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින්, එම කිරිපිටි අපනයනය කෙරුණ සියලු රටවලට ඒ පිළිබඳව දැනුම් දී ඇති බව කියා සිටියේය.

අදාළ ළදරු කිරිපිටි අපනයනය කරනු ලැබ තිබෙන්නේ ආසියානු, ලතින් ඇමෙරිකානු සහ යුරෝපා රටවලටයි.

එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට මේ ප්‍රශ්නය බල නොපාන බවත් සමාගමේ ප්‍රකාශකයා පවසයි.

'ලැක්ටලිස්'(Lactalis) සමාගමේ නිෂ්පාදන ආසියානු වෙළෙඳපොළටත් සපයා ඇත.Image copyrightAFP
Image caption‘ලැක්ටලිස්'(Lactalis) සමාගමේ නිෂ්පාදන ආසියානු වෙළෙඳපොළටත් සපයා ඇත.

‘ලැක්ටලිස්'(Lactalis) සමාගම ලෝකයේ කිරිපිටි නිපදවන දැවැන්ත ව්‍යාපාරවලින් එකකි.

එම සමාගමේ වාර්ෂික අලෙවිය ඇමෙරිකානු ඩොලර් කෝටි 2100 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

ලෝකයේ රටවල් හතලිස් හතක නිෂ්පාදන ආයතන පවත්වා ගෙන යනු ලබන ‘ලැක්ටලිස්'(Lactalis) සමාගමෙහි ප්‍රංශයේ පමණක් නිරත කාර්ය මණ්ඩලය 15,000ක් පමණ වෙති.

‘සල්මනෙල්ලා’ (salmonella) බැක්ටීරියාව ශරීරගත වීමෙන් පාචනය,බඩරුදාව,වමනය සහ ඉතා බරපතළ විජලන තත්වයන්ට ගොදුරු වීම් අනතුරක් පවතී.

විශේෂයෙන්ම එම තත්වය ළදරුවන්ට මාරාන්තික අනතුරුදායක තත්වයක් උද්ගත කළ හැකිය.

‘ලැක්ටලිස්'(Lactalis) ළදරු කිරිපිටි පාවිච්චිය නිසා ‘සල්මනෙල්ලා’ (salmonella) බැක්ටීරියාව ශරීරගතවීම් තිස් පහක් ප්‍රංශයෙන් ද, තවත් එක් රෝගියෙක් ස්පාඤ්ඤයෙන් ද මේවනවිට වාර්තා වී ඇත.

ඊට ගොදුරුවූවකු වියහැකි තවත් රෝගියෙකු පිළිබඳව ග්‍රීසියේ පරීක්ෂණ සිදු කෙරෙමින් ඇතැයි ප්‍රංශ බලධාරීහු පසුගිය සිකුරාදා සඳහන් කළහ.

මෙම වෛරසය තම කම්හලෙන් පැතිර ගිය බව වසං කිරීමට තැත් කරන ලද බවට එල්ල වෙමින් පැවති විවේචන ‘ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් බැහැර කරනු ලැබ ඇත.

“පැමිණිලි තිබුණා. ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේවි”ඔහු සඳහන් කළේය.

එසේම යම්කිසි අනතුරකට ගොදුරු වූ පවුල් වේනම් ඔවුන්ට වන්දි ගෙවන බවට ‘ලැක්ටලිස්'(Lactalis) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රතිඥාවක් ද දුන්නේය.

'ලැක්ටලිස්'(Lactalis) සමාගමට එරෙහිව දඩ නියම කළ හැකි බවට ප්‍රංශ ආණ්ඩුව අනතුරු අඟවයිImage copyrightAFP
Image caption‘ලැක්ටලිස්'(Lactalis) සමාගමට එරෙහිව දඩ නියම කළ හැකි බවට ප්‍රංශ ආණ්ඩුව අනතුරු අඟවයි

අදාළ පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ ‘ලැක්ටලිස්'(Lactalis) සමාගමේ නිෂ්පාදන අලෙවිය කාල සීමාවකින් තොරව තහනම් කරන බව ප්‍රංශ කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.

මේ කාරණයේ දී කටයුතු කරන ලද ආකාරය සම්බන්ධයෙන් ‘ලැක්ටලිස්'(Lactalis) සමාගම දඩ ගෙවීමට බලාපොරොත්තු විය යුතු බවට ප්‍රංශ ආණ්ඩුව අනතුරු ඇඟවීමක් කර ඇත.

එසේම අනතුර නොතකා හරිමින් දිගටම එම විස මුසු ළදරු කිරිපිටි අලෙවියේ නිරත වූ සිල්ලර වෙළෙන්දන්ට තහංචි පනවන බවත් ප්‍රංශ ආණ්ඩුව පවසයි.

එවැනි අනතුරු ඇඟවීමක් කරනු ලැබුණේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාල කීපයක් එම විස මුසු ළදරු කිරිපිටි අලෙවියේ නිරත වූ බව හෙළිදරව් වීමෙන් පසුවය.

BBC සිංහල වෙබ්අඩවියෙනි

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img