ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක

පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්ව සිටිති. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වේ. ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහොමයක් අද (පෙබ 19)දින පාර්ලිමේන්තු සභාගැබ තුළ නොසිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවතින ආණ්ඩුවෙන් ඉවත්වූ බවක් තමන්ට දන්වා නැතැයි කථානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

කථානායකවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළවී ඇති අතර එය එසේනම් අමාත්‍ය ධුර සංඛ්‍යාව ද අඩුවනවා නේදැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දිනේෂ් ගුණවර්ධන නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අතර නියෝජ්‍ය කථානායක මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය ඊයේ (පෙබ 18) රාත්‍රී වාර්තා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වූ බවකි.

කෙසේවෙතත්, විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, මහින්ද සමරසිංහ, මනුෂ නානායක්කාර වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැර, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද ඇතුළු එම පක්ෂයේ ප්‍රමුඛයින් රැසක් අද දිවා කාලය වනතුරු ම පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මේ වනවිට කුමක්දැයි වාර්තා නොවුව ද එම පක්ෂය ඊයේ අඟවා තිබුනේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවකි.

නමුත් එක්සත් ජාතික පක්ෂය නියෝජයන කරන අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ තම පක්ෂයට බහුතරය ඇති බැවින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ තවදුරටත් ක්‍රියාකරන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන්නේ නම් එම පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වනු ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර දිනේෂ් ගුණවර්ධන ඇතුළු එම මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ පමණ ඉල්ලීම මත, වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේය.

ඒ අනුව අද සවස් යාමය වන තුරු එම විවාදය පැවැත්වෙනු ඇත.

බහුතරය කාටද?

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵලය සමගින් මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ප්‍රගතිය හරහා හවුල් ආණ්ඩුව තුළ හටගත් අර්බුදය හමුවේ ජනාධිපති – අගමැති අතරත්, එම නායකයින් සමග දෙපාර්ශවයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් අතරත් සාකච්ඡා වට ගණනාවක් මේවනතෙක් පැවැත්වුණ ද අර්බුදය මේ දක්වා සමනය වී ඇති බවක් නොපෙනේ.

අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්විය යුතුය යන අදහසක සිටි ජනාධිපතිවරයා ඒ බව අගමැතිවරයා වෙත මෙන්ම එම එක්සත් ජාතික පක්ෂය වෙත ද සාකච්ඡාවල දී දන්වා තිබිණි.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා වෙත පසුගියදා ලිපියක් යවමින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තවදුරත් ‘රාජ්‍ය පාලනය මෙහෙයවීමට’ සිය පක්ෂය එකඟ නැති බව පෙන්වා දුණි. එම ලිපියෙන් ඔහු වැඩිදුරටත් දක්වා තිබුණේ සම්මුතිවාදී ආණ්ඩුවකට එකඟවූ වසර දෙකක කාලය ඉකුත්ව ගොස් ඇති බවය.

පැවති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් තමන්ට තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව නොයෙක් වර පැවසුහ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමග ද සාකච්ඡාවලට පිවිසි අතර එම කණ්ඩායම ද පසුව අවධාරණය කර තිබුණේ හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට කොන්දේසි විරහිතව සහය දෙන බවය.

එහෙත් එම ආණ්ඩුවේ කොටස්කරුවකු නොවන බව ද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම පවසා තිබිණි

BBC

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img