බිලිඳියට මව්කිරි දෙමින් වේදිකාවට ආ නිරූපිකාව මෝස්‌තර දැක්ම කළඹයි

ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසීම හේතුවෙන් පැමිණ සිටි පිරිස මහත් කැළඹීමට පත්ව ඇත.

මාරා මාටින් මාස පහක් වයසැති සිය දියණිය ආරියා අතැතිව වේදිකාවට ගොඩවූ එම මෝස්‌තර දැක්ම පසුගිය ඉරිදා මෙම සංදර්ශනය පැවැත්වුනේ ජල ක්‍රීඩා සඳහා උචිත පිහිනුම් ඇඳුම් නිරූපණය කිරීම වෙනුවෙනි.

“මට විශ්වාස කරන්න බැහැ මම දිනපතා යෙදෙන ක්‍රියාවක් මුල් කරගෙන මම සහ මගේ දියණිය පුවත් සිරස්තල බවට පත් වෙලා කියන එක” යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි.

සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු ඇයගේ ක්‍රියාව අගයමින් විවිධ වැකි පළ කර තිබූ නමුත් ඇය අවධානය දිනා ගැනීමට උත්සහ කරන බවට සමහරු චෝදනා නැගූහ.

මෙම මෝස්තර නිරූපණ සංදර්ශනයට ඉදිරිපත් වීම සඳහා තරග කළ නිරූපිකාවන් අතුරෙන්, මාරා මාටින් අවසාන වටයට තේරුණු දහසය දෙනා අතර සිටියාය.

රත්‍රන් පැහැති කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසුණ ඇය නිරූපණයේ යෙදෙන අතරතුර ආරියාට මව් කිරි දී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

සංගීතයෙන් සහ පැමිණ සිටි පිරිසෙන් නැගෙන ඝෝෂාවෙන් දරුවා ආරක්ෂා කිරීමට ඇයගේ කන් ආවරණය කර තිබෙනු දක්නට ලැබිණි.

“වේදිකාවේ ඇවිදින අතරතුර දරුවාට කිරි දීම අම්මා කෙනෙක් විදියට මගේ කතාවයි,” මාරා මාටින් පසුව සටහන් කර තිබුණි.

ඇයට සහාය පළ කරමින් බොහෝ දෙනෙකු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පණිවිඩ යවා තිබෙනු දක්නට ඇත.

“මෙය ඉතාමත් ප්‍රබෝධමත් ක්‍රියාවක්!!!!! මම ඉතා කැමතියි මෙයට!!!!,” එක් පණිවිඩයක සඳහන් විය.

“ඔව්!!!!! මේ වගේ එඩිතර වීම ගැන සහ මව් කිරි දීම සාමාන්‍යය දෙයක් බවට පත්කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා!! මෙයින් මා ඉතා සතුටට පත්වෙනවා” යැයි තවත් පණිවිඩයක සටහන් වී තිබුණි.

නමුත් මෙයට සියලුදෙනාගේම කැමැත්ත හිමි වූයේ නැත.

“ඇයි ඔබ මේ වගේ දෙයක් කළේ? මම සිතන්නේ ඔබට අවධානය අවශ්‍ය වෙලා වගේ” යැයි එක් පුද්ගලයෙකු සටහන් කර තිබුණි.

තවත් තොරතුරු:

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img