Monday, November 2, 2026
27.1 C
Negombo

ගල් ගුහාවෙන් මුදාගත් තායි දරුවෝ 11 දෙනා තාවකාලික පැවිද්ද ලබති

බැංකොක්හිදීය (රොයිටර්)

 දින 18කට ආසන්න කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණයේ සිර වී සිට මුදාගත් දරුවන්ගෙන් 11 දෙනා අද (25) තාවකාලික පැවිදි දිවියට එළැඹුණාහ.

ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ සමන් කුනාන් සිහිපත් කරමින් සහ තායිලන්ත සම්ප්‍රදාය අනුගමනය කරමින් ඔවුන් එලෙස තාවකාලික පැවිද්ද ලබාගත්හ.

ගල් ගුහාවේ සිර වූ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු දැවැන්ත මෙහෙයුමකින් පසු මුදා ගැනීමට හැකියාව ලැබුණු අතර විදෙස් කිමිදුම්කරුවන් ඇතුළු කිමිදුම්කරුවන් 90 දෙනකුගේ සහභාගීත්වයෙන් එම මෙහෙයුම ආරම්භ වුණා. කිමිදුම්කරුවන්ට අමතරව තායිලන්ත සහ ජාත්‍යන්තර මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක්ම ඊට එක්විය.

දරුවන් 12 දෙනා ‘වයිල්ඩ් බෝර්ස්’ නැමැති පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් වන අතර ඔවුන්ගේ කණ්ඩායමේ 12 වැනි සාමාජිකයා වන 14 හැවිරිදි අදුල් සාම් ඕන් ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ අතර ඔහු මීට සහභාගී නොවීය.

උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ වත් ප්‍රා තාත් දෝ තන්ග් විහාරස්ථානයේ දී මද වර්ෂාව මධ්‍යයේ දරුවන් 11 දෙනා පැවිදියට ඇතුළත් වූහ.

දරුවන් 11 දෙනා වෙනත් විහාරස්ථානයකට යෑමට නියමිත අතර එහිදි ඔවුන් දින නවයක් බුද්ධ ධර්මයේ ඉගැන්වීම් සහ ශික්ෂා පිළිපදිමින් කටයුතු කරනු ඇත. බුදුදහම යනු තායිලන්තයේ ප්‍රධාන ආගමයි.

ඔවුන් මෙලෙස ශික්ෂා පිළිපදිමින් කටයුතු කිරීම මගින් තායිලන්තයේ තාවකාලික පැවිද්ද සම්ප්‍රදාය අනුගමනය කෙරෙන අතරම දරුවන්ගේ ආරක්ෂාව පතා ඔවුන්ගේ මාපියන් කරන ලද පොරොන්දු ඉටු කිරීම ද සිදුවන බව පැවසේ.

එපමණක් නොව දරුවන් පැවිදි දිවියට එළැඹියේ ඔවුන් බේරාගැනීමට ගොස් මියගිය සමන් කුනාන් සිහිපත් කරමින් වීම ද විශේෂත්වයකි. සමන් කුනාන් යනු තායිලන්තයේ හිටපු ‘මරීන් කිමිදුම්කරුවෙකි’. ඔක්සිජන් හිඟවීම නිසා ඔහු ජීවිතක්ෂයට පත්විය.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img