මත්තල දෙන්න හදන ඉන්දියාවේ ගුවන් යානා තුළ මකුණන් එයාර් ඉන්දියා ඩොලර් බිලියන 5 ක් ණයයි

ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව ‘එයාර් ඉන්දියා’ සමාගම පවසයි

  • 2018 ජූලි 27
Air IndiaImage copyrightGETTY IMAGES
Image captionඑයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමයි

නිව් යෝක් සිට බටහිර මුම්බායි නගරය කරා පැමිණි ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක මකුණන් සිටීමට හේතුව කාලගුණ වෙනස් වීම යැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික ගුවන් සමාගමය.

ව්‍යාපාරික පංතියේ ගමන් කළ මගීන් කීපදෙනෙකු ගුවන් යානයේ අසුන්වල සිටි මකුණන් සපා කා ඇති බව දැක්වෙන ඡායාරූප කීපයක් පසුගිය සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ පුළුල් ලෙස සංසරණය විය.

මේ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. එමෙන්ම, ගුවන් යානයට “විශාල ලෙස මකුණු නාශක දුම් ගැසීමට” ප්‍රතිඥා දී තිබේ.

විශාල ණය ප්‍රමාණයක් තිබියදීත් ක්‍රියාත්මක වන එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමය.

නව ගුවන් සමාගම් වෙළෙඳපොළට ඇතුළු වීම නිසා ඇති වූ තරගකාරීත්වයත්, දුර්වල සේවා සහ නිතර ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඇතිවී තිබෙන නරක නාමයත් සමග එයාර් ඉන්දියා සමාගමට වෙළෙඳපොළෙහි සිය ස්ථානය අහිමි වී තිබේ.

Air IndiaImage copyrightAIR INDIA

මීට වසර කීපයකට පෙර මුම්බායි සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් යානයක මීයෙකු සිටීම නිසා ගුවන් ගමන අතර මැද ආපසු හැරවීමට සිදු විය.

එයාර් ඉන්දියා: ‘හැමෝම වෛර කරන ගුවන් සමාගම’

බීබීසී දිල්ලි ප්‍රවෘත්ති සේවයේ අයේෂා පෙරේරා ගේ විග්‍රහය.

එයාර් ඉන්දියා ගැන නිතර ඇසීමට ලැබෙන්නේ අමිහිරි පුවත්ය. විටෙක ගුවන් යානය තුළ මීයන් රැඳී සිටි බවට පුවත් පළ වෙන අතර, තවත් විටෙක අවහිර වූ වැසිකිළි ගැනත්, අකාර්යක්ෂම ගුවන් සේවා කාර්යමණ්ඩලය ගැනත් පුවත් පළ වී තිබේ. මෙවැනි නිෂේධාත්මක පුවත් සිරස් තල හේතුවෙන් මෙම ගුවන් සමාගම “ජාතියට ලැජ්ජාවක්” ලෙස පුවත්පත්වල සඳහන් වී තිබිණි.

කෙසේවෙතත්, සත්‍යය මීට වඩා තරමක් වෙනස්ය. ඇත්තෙන්ම, මේ අත්වැරදීම් බොහොමයක් එයාර් ඉන්දියා සමාගමට සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබුණි.

මෙය ලොව ඉහළම නූතන අහස් යාත්‍රා හිමි සමාගම් අතුරෙන් එකක් ලෙසත්, ගුවන් ගමන් කර්මාන්තය තුළ සිටින හොඳම නියමුවන් කීපදෙනෙකු ඔවුන් යටතේ සිටින බවත්, ඔවුන්ගේ ගුවන් කාර්යමණ්ඩලය කිසි දිනෙක මගීන්ට බරපතළ තුවාල සිදුවන ආකාරයෙන් හැසිරී නැති බවත්, ඔවුහු සිය සමාගම ගැන වර්ණනා කරමින් පවසති.

ඉන්දියානුවන්ට මෙම ගුවන් සේවය ගැන තිබෙන මහත් ආවේගාත්මක හැඟීම එක්තරා ආකාරයක අමිහිරි සෙනෙහසකි. මෙවැනි සිදුවීම් ගුවන් සේවා ක්‍රියාදාමය තුළ සාමාන්‍ය සිද්ධීන් ලෙස ඔවුන් සලකන අතර, ඔබ අපේක්ෂා කරන ආකාරයෙන් සමාගම අපකීර්තියට පත් වන්නේ නැත. නමුත් දේශීය ගුවන් ගමන් සඳහා නිර්මාංශ ආහාර සැපයීමට ගත් තීරණයට බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ විය.

දක්වා පියාසර කළ ගුවන් යානයේ සිටි මගීන් මකුණන් විසින් සපා කෑම ගැන එයාර් ඉන්දියා සමාගම සමාව ඉල්ලා සිටියේ ඉන් සතියකට පසුය.

සමහරු සිය දෑත් මකුණන් සපා කා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පළ කර තිබූ අතර, තවත් අය ආසනවල ඡායාරූප දක්වමින් ඒවායේ මකුණන් ජීවත් වන බවට පවසා තිබුණි.

ඉන්දියාවේ පැරණිතම ගුවන් සමාගම වන එයාර් ඉන්දියා 2007 වසරේ සිට පාඩු ලබමින් ක්‍රියාත්මක වේ.

මෙම සමාගම පෞද්ගලීකරණය කිරීමට 2017 ජූනි මාසයේදී ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. එහෙත් මධ්‍යම ආණ්ඩුවෙන් කොටස් විකිණීම පාලනය කිරීම හේතුවෙන්, එය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූයේ නැත.

ඕනෑම ගැනුම්කරුවකුට මෙම ගුවන් සමාගම මිලදී ගත හැකි වන්නේ ඩොලර් බිලියන 5ක ණය සමග වන අතර, එය සමාගමේ මුළු ණය මුදලින් හරි අඩක් පමණි.

BBCSINHALA

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img