පිළිකාව පරදා ජීවිතය ජයගත් ශ්‍රී ලාංකික කතක්

“මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම විශාල බියක් ඇති වුණා. නමුත් මම හිතා ගත්ත එය අභියෝගයක් කරගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනියනව කියල.”

“මේ රෝගය නිසා මගේ ජීවිතේ ගොඩාක් දේ අහිමි වුණා. මගේ ළඟ අන්තිමට ඉතිරි වුණේ දරු දෙන්නයි මගේ දෙමාපියනුයි, යහළු යෙහලියන් පමණයි,”

සිය ජීවන ගමනේ අබිමුවට ආ අභියෝගයට ජීවිතය යට කරන්නට නොදී ඊට එරෙහි අභියෝගයක් වෙමින් නැගී සිටි ඇය සිය දිරිය වඩවාගත් ආකාරය ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින්, “ඒ අභියෝගයට මුහුණ දෙන්න මට උපකාරි වුණේ ස්වභාව ධර්මයා විසින් ලොව ලස්සන කරන්නට දායාද කර ඇති මල් විශේෂයක්, ඒ ඕකීඩ්.” යැයි සඳහන් කළාය.

Inspiring Sri Lankan woman who beat cancer

“අද මම ඕකීඩි මල් නිසා විශාල සතුටක් විඳින අතර, තවත් තරුණ තරුණියන් ඇතුළු මල් වවන්න ප්‍රිය කරන විශාල පිරිසකට අත දෙන්නත් පුළුවන් වුණා” යැයි කෑගල්ල රඹුක්කන පදිංචි තක්ෂිලා ගුණතිලක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

Inspiring Sri Lankan woman who beat cancer

1997 වසරේදී සමෘධි සංවර්ධන නිලධාරිනියක ලෙස රැකියාව අරඹා පසුව ව්‍යාපෘති සහකාර තනතුර දක්වා උසස් වීම් ලද ඇයට, 2005 වසරේදි සිය ගමන් මග වෙනස් කිරීමට සිදු වූයේ වසා පද්ධතියේ වැළඳුණ පිළිකාවක් හේතුවෙනි.

රෝගී තත්වය නිසා ඇයට බොහෝ දේ අහිමි වන්නට විය. කෙසේවෙතත්, සිය දරු දෙදෙනා රැක බලා ගනිමින් තම ජීවිතය ඉදිරියට ගොඩනැගීම සඳහා ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නට තරයේ සිතා ගත් තක්ෂිලා, මහරගම පිළිකා රෝහලේ සායන සඳහා සහභාගී වී ප්‍රතිකාර ගැනීම ආරම්භ කළාය.

ඉනුදු නොනැවතී 2007 වසර තුළ දෙවරක් ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගිය ඇයගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන්නට විය.

ඉන්පසු, තක්ෂිලා ඇය සහ සිය පුතුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳ සැලසුම් කිරීම ආරම්භ කළාය.

“මගේ පිළිකා රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතින බව මට වෛද්‍යවරුන් දැන්වුවා. ඒ ගැන සතුටක් ඇති වුණත්, ඊළඟ ප්‍රශ්නය වුණේ මගේ ඉදිරි ජීවිතය දරු දෙදෙනා සමග ගෙවන්නේ කොහොමද කියල. ඒ අවස්ථාව වන විට විට මගේ මහත්තයාත් මා ළඟ නැහැ. නමුත් මම මගේ ජීවිතය ගොඩනගා ගන්නව කියල තරයේ අධිෂ්ඨානයක් ඇති කර ගත්ත. රැකියාව තිබුණත් මගේ රෝගය සදහා අධික ලෙස වියදම් කිරීමට සිදුවූ නිසා මගේ දේපළ පවා මට අහිමි වුණා” යැයි තක්ෂිලා පැවසුවාය.

“ඔය අතරතුර මම මුලින්ම අලියෙකුගේ මූර්තියක් නිර්මාණය කළා. එය මගේ ජීවිතයට එක්තරා පුද්ගලයෙකු සිදු කළ අභියෝගයක්. ඒ දේ මම සාර්ථකව නිම කළා. ඒ අතරම මම ඕකිඩ් මල් වගාවක් ද සුළුවෙන් ආරම්භ කළා. මට හිතුන මෙය දියුණු කරගන්න පුළුවන් වෙයි කියල.”

පිළිකා රෝගයට ගොදුරු වන පුද්ගලයන් සිය ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර දැමීම වැළැක්වීම ඇයගේ අපේක්ෂාව විය. ඒ සඳහා සිය ජීවිතය ආදර්ශමත් ලෙස ගොඩනගා ගැනීමට ඇය ක්‍රියා කළාය.

“මගේ මල් වගාවත්, මූර්ති කලාවත් දිනෙන් දින වර්ධනය කර ගත්තා. මගේ රෝගි තත්වය ගැන හිත හිත හිටියනම් අද මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ” යැයි ඇය පැවසුවාය.

“2017 වන විට මම කාන්තාවන් 500 ට අධික පිරිසකට ඕකීඩ් වගාව ගැන පුහුණු පාඨමාලා තියල මල් වගාවට සම්බන්ධ කර ගත්ත. දැන් ඒ අයත් තමන්ගෙ ජීවිත ඉතා සාර්ථක කරගෙන තියෙනව.”

මල් වගාව දියුණු කිරීම සඳහා සිය රැකියාවෙන් සමුගැනීමට ද ඇය තීරණය කළාය.

Inspiring Sri Lankan woman who beat cancer

මේ වන විට දේශිය සහ විදේශිය ඕකීඩ් වර්ග විශාල ප්‍රමාණයක් ඇය සතුය. මේ අතර, සිය මූර්ති නිර්මාණ ප්‍රදර්ශණයක් පැවැත්වීමට ද ඉදිරියේදී කටයුතු කරන බව ඇය පැවසුවාය.

සමුගෙන අප එන්නට හැරෙන විට “අසනීප වුණ අවස්ථාවෙ මමත් මේ පිළිකා රෝගය ගැන හිතල මගේ ජීවිතය අඩාල කර ගත්තනම් අද මට මේ තත්වයට එන්න බැහැ” යැයි කී තක්ෂිලාගේ දෑසෙහි ඈ සතු දිරිය පැහැදිලිව ම සටහන්ව තිබිණි.

BBC.sinhala

මේ තොරතුරුද කියවන්න:

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img