‘පාස්කු ප්‍රහාරය ගැන ආ තොරතුරු විහිළුවක් ලෙස සිතීමෙන් මහා ව්‍යසනයක් සිදුවුණා’

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අදාළ අංශ විසින් විහිළුවක් ලෙස සිතීම නිසා රට තුළ එම ව්‍යසනය සිදුවූ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

රටේ විය හැකි ව්‍යසනයක් පිළිබඳව වගකිවයුතු අංශයකින් තොරතුරක් ලැබුණු විට එය විහිළුවක් ලෙස සිතීම වරදක් බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරිදා දිනයේ දී කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට සිව් වතාවක්ම අදාළ අංශ වෙත තොරතුරු ලබාදුන් බව ඉන්දීය මහකොමසාරිස්වරයා එම ප‍්‍රහාරයෙන් පසු තමන්ට පැවසූ බව ද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ කීහ.

වළක්වා ගත හැකිව තිබූ ප‍්‍රහාරයක් වන මෙය වළක්වා ගැනීමට නොහැකිවූයේ අදාළ අංශවලින් සිදුවූ බරපතල අතපසුවීමක් හා රටේ නායකත්වයේ දුර්වලකමක් හේතුවෙන් බවද අගරදගුරුතුමෝ කියා සිටියහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ අපේ‍්‍රල් 21 දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්‍ෂාකොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇති පංච පුද්ගල ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාව හමුවේ අද (6) පස්වරුවේ සාක්‍ෂි ලබාදෙමිනි.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර කිසියම් හෝ තොරතුරක් තමන්ට ලැබුණේ නම් කෙසේ හෝ එයින් ජනතාව ආරක්‍ෂා කරගන්නා බව ද මෙහිදී කාදිනල්තුමෝ කීහ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ‍්‍රාමික අධිකරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම් අධිකාරී යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මියගේ මෙහෙයවීමෙන් සාක්‍ෂි ලබාගැනීම සිදුකෙරිණි.

එහිදී කාදිනල්තුමන් වැඩිදුරටත් පැවසුවේ පාස්කු ඉරිදා දින සිදුවූ ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් රජයේ තවදුරටත් සොයාබැලිය යුතු බවයි.

පසුගිය රජය ඔවුන් වෙනුවෙන් වන්දියක් පමණක් ලබාදී අතසෝදාගැනීමක් කළ බව කී අගරදගුරුතුමෝ එයින් සෑහීමකට පත්විය නොහැකි බව ද සඳහන් කළහ.

එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ ඇතැම් අංශයන්ගෙන් නිසිපරිදි ඉටුනොවන බව තමන්ට සිතෙන්නේ යැයිද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියා සිටියහ.

පළමුව කළ යුත්තේ මෙම සිද්ධිය පසුපස සිටින්නේ කවුරුන්ද, මෙසේ කිරීමට හේතුව කුමක්ද යන්න සොයාබැලීම බව කී අගරදගුරුතුමෝ ප‍්‍රහාරයට පෙර ලැබුණු තොරතුර අදාළ අංශවලට ලබානොදීමේ වරදට දඬුවම් දිය යුත්තේ දෙවනුව බව ද කීහ.

lankaadeepa .lk

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img