ලැබුණු තොරතුරකට අනුව 7 දින සවස මිගමුව කලපුවේ කොතලාවල පාලම ආසන්නයේ පාවෙමින් තිබු මළසිරුරක් මිගමුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
වයස අවුරදු 45 ක පමණ පිරිමි අයෙකුගේ මල සිරුර දිගු කලිසමක් සහ අත්කොට සර්ට් එකකින් සැරසී ඇත
මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත් මහතා විසින් ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර මෘත දේහය මිගමුව මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය.
මිගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.