පලගතුරේ මුහුදු වෙරළේ දිය නාමින්සිටි පාසැල් සිසුන් තිදෙනකු සැඩ පහරකට හසුවෙයි

-

ඩුබායිහි රැකියාවකට යන ඥාතියකු ගුවන්තොටුපොළට ඇරලීමට  පැමිණ මිගමුව පලගතුරේ මුහුදු වෙරළේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු (6) දින  දියේ ගිලි මියගොස් ඇත.

මෙසේ දියේ ගිලි මිය ගොස් ඇත්තේ  කුරුනෑගල මල්ලකඩුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි  සහීර් මොහොමඩ් සල්මාන් නමැති 13 හැවරදි පාසල් සිසුවෙකි.

මියගිය පාසැල් සිසුවා ඇතුළු පිරිසක් ඩුබායිහි රැකියාවට යන ඥාතියකු කටුනායක ගුවන්තොටුපොළට ඇරලීමට කුරුණෑගල සිට වෑන්රථයකින් පැමිණ පලගතුරේ පිහිටි   ඥාතියකුගේ නිවසට පැමිණ රැදී සිට ඇත.

ගුවන් තොටුපොළට යාමට නියමිත වෙලාව පැමිණෙන තෙක්රැදිසිටි මෙම පිරිසේ සිටි පාසල් සිසුන් තිදෙනෙක් පලගතුරේ මුහුදු වෙරළේ දිය නෑමට ගොස් ඇතිඅතර  ගල්පරයක් මතට නැගී සිටියදී  මියගිය සිසුවා මුහුදට වැටී ඇත.ඔහු බේරාගැනීමට උත්සාහකල අනෙක් සිසුන් දෙදෙනා ද වාරකන් කාලය නිසා මේදිනවල පවතිනදැඩි රළ පහරට හසුවී මුහුදට ගසාගෙන ගොස් තිබේ.

ප්‍රදේශවාසීන් සහ ධීවරයන් එක්ව 14 හැවරදී මොහොමඩ් යාකුබ් සහ 15 හැවරදි මොහොමඩ් රිසාර් යන සිසුන් දෙදෙනෙකු  බේරා ගෙන රෝහල්ගත කල අතර එක සිසුවෙකු අතුරුදහන්ව ඇත.

අතුරු දහන්ව සිටි මියගිය සිසුවාගේ සිරුර ගල්පරය අසල සිරවී තිබියදී පසුදින සොයාගත් අතර මිගමුව රෝහලේදී  මරණ පරීක්ෂණය සිදුකල   හදිසි මරණ පරීක්‍ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිර්පත්වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය දියේ ගිලිමෙන් සිදුවූ මරණයක් බව තීරණය කළේය.

මිගමුව රෝහලේ සහකාර අධිකරණ නිලධාරී වෛද්‍ය නිසාන් මදුසංක මහතා විසින් පස්චාත් මරණ පරීක්‍ෂණය සිදුකල අතර කොච්චිකඩේ පොලිසියේ සැරයන් 19084 ප්‍රසන්න මහතා සාක්‍ෂි මෙහෙයවිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here