පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ඇමැතිවරු ගැන තොරුතරු ජනපති කොමිසමට

පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා  මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ.

කොමසමේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු කොමිසමට ලැබී ඇති බවත් ඉදිරියේදී එලෙස කරුණු අනාවරණය වන අදාළ ඇමතිවරු කොමිසමට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

පාස්කු ඉරිදා කතෝලික පල්ලි තුනකට හා ප්‍රධාන පෙළේ හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් ඝාතනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්‍ෂණ කොමිසම එලෙස නියම කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා සභාපතීත්වය දරන මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න , සුනිල් රාජපක්‍ෂ , හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එච්.එම්.එස්.අධිකාරී යන මහත්වරුන්ය.

කොමිසමේ ලේකම්වරයා වශයෙන් එච්.එම්.බී.පී.හේරත් මහතා කටයුතු කරයි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය සතියේදී කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් මෙම පාස්කු ප්‍රහාරයට පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුගේ ඇති සම්බන්ධතාවය කරුණු සහිතව ඉදිරිපත් කර ඇති අතර උන්වහන්සේ ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් කොමිසම හමුවේ කරුණු අනාවරණය කර ඇත.

lankadeepa

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img