අලුත්ගම මාධ්‍යවේදියාට පහරදුන් 5ක් අත්අඩංගුවට

රෝහලේ ප්‍රතිකාර ලබන මාධ්‍යවේදී  තුසිත කුමාරImage copyrightADA
Image captionරෝහලේ ප්‍රතිකාර ලබන මාධ්‍යවේදී  තුසිත කුමාර

අලුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර සිල්වාට සහ ඔහුගේ බිරිඳට පහරදුන් බවට සැකකරන පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය 6 වැනිදා සිය බිරිය සමග යතුරුපැදියෙන් ගොස් ආපසු නිවසට පැමිණි අවස්ථාවේදී මැර පිරිසක්  විසින් පහර දෙන ලද බව ඔහු පොලීසියට පැමිණිලි කර තිබිණි. එයින් තුවාල ලැබූ මාධ්‍යවේදියා සහ බිරිඳ ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි.

“මගේ මහත්තයට හොඳටම පහරදුන්නා හෙල්මට් වලිනුයි පොල්ලකිනුයි. අපේ ජිවිතවලට තර්ජනයක් තියෙනවා.” පහරදීමට ලක්වූ තුසිත කුමාරගේ බිරිඳ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියාය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලන ලද අලුත්ගම කෘත්‍රිම රා නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳ විමසමින් මෙම පහරදීම කර ඇති බව වාර්තා විය.

‘තමන්ගේ ආණ්ඩුවක් බලයට පත් වූ පසු අදාළ වාර්තාකරණයට පිළිතුර දෙන බව පවසා ප්‍රහාරකයින් මීට පෙරද තර්ජනය කර තිබූ බව වින්දිත මාධ්‍යවේදී තුසිත කුමාර සඳහන් කළ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පහරදීම හෙළා දකිමින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඔහුගේ ප්‍රකාශය අනුව මේ ප්‍රහාරය තුළ එවැනි දේශපාලන පළිගැනීමක් ගැබ් ව තිබේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට එල්ල කළ බරපතල තර්ජනයක් ලෙස හෙලා දැකීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම මාධ්‍යවේදින් සිය වෘත්තීය නිසා විවිධාකාර තාඩන පිඩන වලට ගොදුරු වී ඇති බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී.

‘ද ලිඩර්’  වෙබ් අඩවියේ සේවය කරන මාධ්‍යවේදි ධනුෂ්ක සංජය සහ ‘වොයිස් ටියුබ්’ වෙබ් අඩවියේ මාධ්‍යවේදීනියක් වන තුෂාරා විතාරණ ගෙන් ප්‍රශ්න කිරීම පිණිස පසුගිය මාසයේ පොලීසිය වෙත කැඳවා තිබිණි.

වෙබ් මාධ්‍ය ආයතනයන් හි සේවයේ නියුතු වෙබ් මාධ්‍යවේදීන් නිශ්චිත කාරණාවක් නොමැතිව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම  මාධ්‍යකරණය සහ මාධ්‍ය නිදහස වෙත කෙරෙන බලපෑමක් සහ තර්ජනයක් සේ සැලකෙන බව මේ සම්බන්ධයෙන් සිය විරෝධය පලකළ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

“කිසියම් වූ විමර්ශන කටයුත්තක් සඳහා ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවත්, ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද යන වග ප්‍රශ්න කිරීමට කැඳවන අවස්ථාවේ අදාළ පුද්ගලයන් දැනුවත් කළ යුතු බව අපගේ හැඟීමයි.” යනුවෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර රජයට අයත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී මදුක තක්සල ප්‍රනාන්දුට එම ආයතනයේ දේශපාලන වෘත්තීය සමිතියකට අයත් පිරිසක් තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසියට අද දින (දෙසැම්බර් 10) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

BBC

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img