29 C
Negombo
29 C
Negombo

කිසිම මන්ත්‍රීවරයෙකුට මාව බ්ලැක් මේල් කරන්න බෑ – නගරාධිපති දයාන් ලාන්සා

-

මිගමුව මහානගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩිජන්ද 38 කින් අද සභා සම්මත විය.යෝජනාවට පක්ෂව ජන්ද 41 ක් ද විරුද්ධව ජන්ද තුනක්ද ලැබුනි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා අයවැයට විරුද්දව ජන්දය ප්‍රකාශ කළේය.  ස්වාධින කණ්ඩායම්වල මන්තිරිවරු සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු යෝජනාවට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළේය.

ජන්ද විමසන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනක් ද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලලිත් ටෙන්සිල් මන්ත්‍රීවරයාද  සභාගැබේ නොවිය.

දයාන් ලාන්සා නගරාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් අද 10 දින පෙරවරු 11.00 අයවැය ඉදිරිපත්කිරීමේ විශේෂ මහා සභාරැස්වීම  මිගමුව මහනගර සභාවේ රැස්වීම ශාලාවේදී පැවත්විණි

අයවැය යෝජනා ඉදිරපත් කරමින් සභාව ඇමතු නගරාධිපතිවරයා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1095.5 ක වියදමක්ද රුපියල් මිලියන1095.9 ක වියදමක්ද ඇස්තමේන්තු කර ඇති බවපැවසිය.

නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 125 ක් අඩු අදායම් ලභිපවුල් නගාසිටුවීම සදහා මිලියන 14 ක් ප්‍රජාසේවා පවත්වාගෙන යාම සදහා මිලියන 140 ක් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සදහා මිලියන 278 ක් ආදී වශයෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන්කර ඇතිබව ස්දහන්කලේය.

නාගරික මන්ත්‍රී ගාමිණී ප්‍රනාන්දු (ජවිපෙ)

මේ අයවැය දැක්මක් අරමුණක් ඇතිව සකස්කළ අයවැයක් නොවෙයි වසර අවසන්ව්නවිට අපිට් අයවැයෙන්  ඉදිරිපත් කරන අරමුණු ඉටුවනු දකින්නට නැහැ විදුලි උපකරණ කාමරයේ තිබියයුතු විදිලාම්පු තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් නම් ඒවා පියවරෙන් පියවර සිදුවිය යුතුයි.එක වැස්සකදී මුළු නගරයම යටවෙනවා කිසිදු ප්‍රස්නයක් නොවිසිදුනු නගරයක් මේ අයවැය දේශපාලන බලය ගොඩනගා ගැනීමට යොදා ගන්නා අයවැයක් එම නිසා පක්ෂයක් වශයෙන් අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනවා

නාගරික මන්ත්‍රීනි නිර්මලා ප්‍රනාන්දු (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ )

අපි මෙතනට පත්වෙලා ඇවිත් ඉන්නේ ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්නයි ජවිපෙ සහෝදර මන්ත්‍රීතුමා කිවුවා මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල විදි ලාම්පු තිබෙන බව ඒ මන්ත්‍රීවරු නම්කරන්න මේ අයවැයට විරුද්ධ වෙන ඔබතුමාලට පාසල්පොත් වැනි සුබසාධක පහසුකම් ලබා දෙන එක ගැටලුවක්.

නාගරික මන්ත්‍රී .කපිල නන්ද සුලෝචන (ප්‍ර එ ජා පෙ)

අයවැය යෝජනා සදහා කොමසාරිස් තුමියට මා බාර දුන් ලිඛිත යෝජනා ඇතුලත් කර නැහැ අපි පත්කරපු ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව කොට්ටාශ වලට මුදල් යෙදවිය යුතුයි.මම කලින් වරයේදීත් පෙන්වා දුන්නත් නිවැරදි කරලා නැහැ මා කල කතාවේ නැති හාත්පසින්ම වෙනස් දේවල් නිලධාරීන් වාර්තාවට ඇතුලත් කරනවා.

නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු (එජාපය)

2019 වසරේ අයවැයෙන් ත්‍රිවිල් රථ නැවතුම්පොළවල් වලින විශාල අදායමක් ලබාගන්න යෝජනා කළා නමුත් සතයකවත් අදායමක් ලැබී නැහැ නගරයේ  මහා මාර්ග වල නතර කරන  යතුරු පැදි සහ  වාහන වලින් විවිධ පුද්ගලයන් විසින් මුදල් අයකර ගන්නවා

.මේ අවුරුද්දෙත් ත්‍රිවිල් රථ නැවතුම්පොළවල් වලින ලක්‍ෂ 25 ක් බලාපොරොත්තු වෙනවා එහෙත් එය උපයාගන්න ක්‍රමයක් යෝජනා කරලා නැහැ.

සමහරු අහනවා මේ අයවැයට අපි විරුද්ධ වෙනේ නැත්තේ ඇයි කියල මේ අයවැය දයාන් ලාන්සාගේ පුද්ගලික අයවැයක් නොවෙයි.මන්ත්‍රී මණ්ඩලයේ සියලුදෙනාම එකතුවී නගරයේ ජනතාවට සේවය කරන්න හදපු අයවැයක් ඒ නිසා සාම්ප්‍රධායික ලෙස විරුද්ධවන්න අපට පුළුවන් කමක් නැහැ.

මාසයකට ලක්ෂ 10 ක් 15 ක් ඩෙංගු මර්ධන කටයුතු සදහා වියදම් කලත් එයින් ලැබෙන ප්‍රතිපලය ගැන සැහීමකට පත්වෙන්න බැහැ

නාගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ )

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දේශපාලන අරමුණක් ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ප්‍රකාශ කලා එවැනි අරමුණක් නැතිබව ඒ අයට අවබෝධ කරගත නොහැකිවී ඇත්තේ යථාර්තය අනුව කටයුතු නොකරන නායකයන් කියන දේ කරන කණ්ඩායමක් නිසයි.

කුමන පක්‍ෂයකින් ආවත් අපසේවය කරන්නේ ජනතාවටයි මේ මුදල් ජනතාවගේ මුදල් ඒවා ජනතාවගේ සුබසිද්ධිය සදහා වැයකළ යුතුයි .

සේපාල මොරවක  (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ )

නගර සභාව දේශපාලන ආයතනයක් නගරාධිපති තුමා තමයි එහි ප්‍රධානියා එතුමාගේ අභිමතය පරිදි කටයුතු කලහැකිබව පනතේ සදහන්වෙනවා සමහර නිලධාරීන් වැඩක් නොකරන්න චක්‍රලේඛන පෙරලනවා නියම නිලධාරියා චක්‍රලේඛන වලට යටින් රිංගා යනවා.

දයාල් නිලංග ද සිල්වා (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ )

මේක අයවැය පිළිබද විවාදයයි මේ දිනයේ මන්ත්‍රීවරු කථා කලයුතුයි 3%කල්ලිය කටයුතුකරන්නේ කුහකකමින් අයවැයට විරුද්ධ වන කිසිම කෙනෙකුට ප්‍රතිපාදන ලබානොදෙන ලෙස ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පක්‍ෂයේ සමහරු අද ඇවිත් නැහැ විරුද්ධවෙන්න බැරි නිසා .

කොමසාරිස් තුමියගේ බෙල්ල හිරකරන නිලධාරී කණ්ඩායමක් මේ ආයතනය තුල සිටිනවා කොමසාරිස් තුමියට සහ ලේකම් තුමියට තමන් ලගසිටින නිලධාරීන් පාලනය කරගැනීමේ වගකීමක් තිබෙනවා

විවාදය අවසනයේ පිළිතුරු කතාව කල දයාන් ලාන්සා නගරාධිපති වරයා හිටපු නගරධිපති වරයෙක් මෙන් තමාව බ්ලැක්මෙල් කිරීමට කිසිදු මන්ත්‍රී කණ්ඩායමකට නොහැකි බවද 2020 . අයවැය යෝජනා ඉදිරිපත්කලේ රටගැන නගරය ගැන සිතා නගර වැසියාගේ සහ නගරයේ උන්නතිය සදහා බව පැවසිය.

එමෙන්ම 2020 දී නව පුස්තකාලය විවෘත කරන බවත් කිසිම මන්ත්‍රීවරයෙකුගේ නිවසක නගර සභාවට අයිති විදි ලාම්පු නැතිබව පැහැදිලිවම ප්‍රකාශ කරනබවද නගරාධි පතිවරයා සදහන් කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

  1. The Mayor like his brother who was also a former mayor claims that no one can blackmail him. Either he is not corrupt or there’s no proof. Both have done a lot of work to give a new face-lift to the city of Negombo no doubt and many are grateful although not all.Because it seems the ones who got the contract in carrying out the work i.e. like on roads etc surely would have made enough money which is clearly seen with the slip shod manner in which some of the constructions or filling up of the roads are carried out. Whatever it is he would surely know that many under him at the Council were corrupt and there may be still a few others. Of course all politicians claim that they have come to serve the people and it is true till they come into some sort of power and help themselves and their allies. How has the current new method of eradicating mosquitoes helped? The fumes only sort of chase away the mosquitoes for a very short while but it sure does bring so much discomfort for the sick, the aged and little children as sometimes the fumigation is carried out without prior notice. The residences are checked and when a few larvae is found in some corner whether they are the dengue larvae or not are threatened with prosecution. Yes, we all have to cooperate and see as much as possible to clean up our surroundings But, then again what about all the larvae found in the Council maintained drains and pit holes on the roads? If the country can afford by all means let the budget of millions be granted as long as every cent goes into proper use giving priority to main issues pertaining to welfare of all Negombo residents and not to the fancy of trying to maintain social status.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.