සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට

සංචාරක ක්ෂේත්‍ර යේ සංවර්ධනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කෙරේ. මේ වසර අවසන් වීමට පෙර මෙම ගම්මාන 07 ස්ථාපිත කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ හීල් ඔය, මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල, ගාල්ල දිස්ත්‍රික්කයේ මෙදේරිපිටිය, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරු ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩහේන, මාතර වෙහෙරහේන හා රත්නපුර දිස්ත්‍රික්කයේ සීලෝගම යන ගම්මාන සංචාරක ප්‍රජා පාදක ගම්මාන ලෙස සංවර්ධනය කිරිමට තෝරාගෙන ඇති ගම්මාන වේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.06 ක ප්‍රතිපාදන කොරියානු රජයෙන් ලැබි ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙරට සංස්කෘතිමය අත්දැකිම් ලබා ගැනීමට ඉඩකඩ සැලසෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට ලෝකයේ සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රවණතාවය වී ඇත්තේ අතුදැකීම් ලබා ගැනීමයි. ස්ථාන නැරඹීම වෙනුවට අත්දැකීම් ලබා ගැනීමට  සංචාරකයන්  වැඩි නැඹුරුතාවක් දක්වයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව රණතුංග මහතා පවසයි.

මේ අනුව තෝරාගත් ගම්මාන වල යටිතල පහසුකම් සංචාරක ක්ෂේත්‍ර යට ගැළපෙන පරිදි සංවර්ධනය කෙරේ. මෙරට සංස්කෘතික හා සමාජ හර පද්ධති වලට කිසිදු ගැටළුවක් මතු නොවන ආකාරයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස අදාළ බළධාරින්ට උපදෙස් දී ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img