සංචාරක සංවර්ධන බදුසහනය දීර්ඝකරයි

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන වලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව  සංචාරක කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමත් සමගම මෙම සහනය සැලසුණු අතර සහන ලබා දී තිබු කාලය පසුගිය දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන හිමියන් 2020 ජනවාරි 01 වෙනි දා සිට සමාන වාරික මගින් සංචාරක බද්ධ වසරක් තුළ ආපසු ගෙවිය යුතු විය. එහෙත් මෙම සංචාරක ආයතන වලට අදාළ බදු ගෙවීම සදහා නැවත සහන කාලයක් ලබා දෙන ලෙස එම හිමිකරුවන් කළ ඉල්ලීම සලකා මෙම තීරණයට එළඹි බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට සංචාරක පැමිණීම් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ව තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් ව නොමැත. පසුගිය කාලයේ සංචාරක පැමිණීම් යථා තත්ත්වයට පැමිණෙමින් තිබුණ ද කොරෝනා  වසංගතය හේතුවෙන් නැවතත් සංචාරක පැමිණීම් වල අඩුවක් දක්නට ලැබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එය ද මෙම සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහනය දීර්ඝ කිරීමට හේතු වී තිබේ.

ප්‍රදීප් අනුර කුමාර

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img