මැතිවරණ දිනය තීරණය කරන්නනේ කොරෝනා

පාර්ලිමේන්තු මහ මැතිවරණය නියමිත පරිදි අප්‍රේල් 25 දින පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙයට හේතුව කොරෝනා වෛරස් රෝගය පැතිර යාමේ අවදානම බවත් තත්වය පාලනය වන තුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සිතිය නොහැකි බවත්, ඒ මහතා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද(19) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මැතිවරණය කල් දැමූ පසුව එය යළි පැවැත්විය හැක්කේ නියමිතව තිබූ දිනයට දින 14ක් ගතවූ පසුව බවද ඒ මහතා කීය.
තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම, තැපැල් ඡන්ද පැවැත්වීම, මැතිවරණ නිලධාරීන් පුහුණු කිරීම ආදිය පිළිබඳව කොමිෂන් සභාව විසින් කාල සටහනක් සකස් කොට තිබුණි. එහෙත් කොවිඩ් – 19 වෛරසය පැතිරී යාම නිසා රජය නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එම කාලසටහන දැන් වෙනස් වී තිබේ.මැතිවරණය පැවැත්වීමට සුදුසු යැයි සෞඛ්‍ය බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කියාසිටියත් ඉහත කී කරුණු අනුව අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (19) දහවල් 12ට අවසන් වූ නමුත් ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ඉවත් කොට අපේක්ෂක අංක හා ඡන්ද මධ්‍යස්ථානවල නම් ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත්,  පැවසූ සභාපතිවරයා බොහෝ දුරට සඳුදා පමණ වන විට එය නිකුත් කළ හැකිවනු ඇතැයි ද කීය.

නාමයෝජනා ඇතුලත් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කරන තෙක් මැතිවරණය කල් දැමීම ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ පනතේ විධිවිධාන අනුව නොහැකි බවත් කී දේශප්‍රිය මහතා මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු 26 වනදා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

එසේ වුවද මැතිවරණය පැවැත්වීමේ දිනය අවසන් වශයෙන් තීරණය වන්නේ කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අනුව බවද ඒ මහතා අවධාරණය කළේය.
අද භාරගනු ලැබූ නාමයෝජනා වලින් දේශපාලන පක්ෂ ගණනාවක හා ස්වාධීන කණ්ඩායම් රාශියක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන බවද, සභාපතිවරයා මාධ්‍යවේදියකුගේ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හා මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් ඇතුළු කොමිෂමේ උසස් නිලධාරීහුද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img