ජංගම අලවි රථ මගින් අතවශ්‍ය අහාර මලු නිවස අසලටම

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් රජය ආරම්භ කරයි. සමූපකාර හා සතොස මගින් මෙය ක්‍රියාවට  නැංවේ. එය ගම්පහ දිස්ත්‍රික්කයෙන්    ආරම්භ  කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍ය වරයා  පවසයි.

වසංගතය පැතිරයාම වෙලක්වමින් ජනතාවට අත්‍යවශ්‍ය පාරි‍භෝගික භාණ්ඩ ලබා දීමේ මෙම වැඩසටහන  ආරම්භ කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුවය

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමති රණතුංග මහතා  මේ බව සදහන් කළේය. බස්නාහිර පළාත් ප්‍රධාන  ලේකම් ජයන්ති විජේතුංග ගම්පහ දිස්ත්‍රික ලේකම් සුනිල් ජයලත් මහතා, සියළුම ප්‍රාදේශිය ලේකම්වරු, ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම සමූපකාර සමිති සභාපතිවරුන්, සතොස නියෝජිතයන්, ගම්පහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිසියේ ඉහළ නිළධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී ඇමති රණතුංග මහතා අවධාරනය කළේ කොරෝනා වසංගතය පහව යන තුරු ජනතාව ස්වයං නිරෝධානයකට ලක්කිරීම රජයේ අපේක්ෂාව බවයි. මේ වන විට කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්  හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බැවින් ජනතාව අරක්ෂා කර ගැනීම සදහා  වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවද ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර සමිති 17ක් ක්‍රියාත්මකයි. මෙම විවිධ සේවා සමූපකාර සමිති යටතේ පවතින අත්‍යවශ්‍ය හරහා  ජනතාවට රුපියල් 1000 හා 500 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීමට මෙහිදී තීරණය කෙරිණි. සහල්, පරිප්පු, සැමන් , අල, ධාන්‍ය වර්ග , සීනි ඇතුලත් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මලු සමූපකාර ප්‍රාදේශික හරහාත් සමූපකාර අත්‍යවශ්‍ය නොමැති ගම්මාන වලට ජංගම රථ මගිනුත් ලබා දීමට කටයුතු කරන බව ගම්පහ සමූපකාර සමිති කොමසාරිස් ආර්.ඒ විජේවික්‍රස මහත්මිය මෙහිදී කියා සිටියේය..

ප්‍රාදේශිය ලේකම්වරු වැඩසටහන අධික්ෂණය කරනු ලබයි. පොලීසිය මෙම භාණ්ඩ ලබා දෙන වෙලාව පිළිබදව ගම් වාසීන් දැනුවත් කරන අතර ග්‍රාම නිළධාරීන් , සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හා පළාත් පාලන නියෝජිතයින් එය සම්බන්ධීකරණය කරයි.

මේ වන විට රටතුළ අත්‍යවශ්‍ය අහාර තොග අවශ්‍ය  තරම්  ඇති බවද මෙහිදි අනාවරණය විය. සතොස නියෝජිතයා මෙහිදී පෙන්වා දුන්නේ පරිප්පු ටොන් 1400 ක්, සැමන් ටින් මිලියනයක් , සහල්, සීනි අවශ්‍ය තරම් සිය ගබඩා තුළ ඇති බවයි. සතොස ආයතනයද සිය ප්‍රාදේශික හා ජංගම රථ මගින් රුපියල් 500 හා රුපියල් 1000 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ජනතාවට ලබා දීම සදහා වැඩ පිලිවෙලක් සකස් කර ඇති බවද මෙහිදී අණාවරණය විය. අදාල බඩු මලු සැකසීම දැනටමත් සිදු කෙරේ.

රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේ ඇදිරි නීතිය ඉවත් කල වහාම ජනතාව අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සදහා එක් රැස්වීම  පාලනය කර ගත යුතු බවයි. මේ නිසා රජය මේ සදහා මැදිහත්  වූ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම අත්‍යවශ්‍ය අහාර ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල නියාමන ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමටත් පසුව එය  දිවයිනට හදුන්වා දීමටත් අපේක්ෂා කරන බව කීවේය.

Hot this week

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img