අගරදගුරු නිකුලස් මාර්කස් ප්රනාන්දු මාවත කොළබ පාර සමග සම්බන්ධවන ගල්කන්ද හංදියේ මාර්ගය මැද ඇති දුපත් කොටසේ වෙළද දැන්වීම් ප්රචාරණය සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මිගමුව මහ නගරසභාව මිලගණන් කැදවා ඇති අතර මසකට රුපියල් එක්ලක්ෂයකට ආසන්න මුදලකට මෙම වටරවුම බදු ගැනීමට නගර සභාවේ ටෙන්ඩරය සදහා ව්යාපාරික ආයතනයක් ඉදිරිපත්ව ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියද ඔවුන්ට ලද ටෙන්ඩර් වලින් ව්යාපාරික ආයතනයක් තෝරාගෙන ඇත.
මෙම අතරවාරයේදී කිසියම් කණඩායමක් විසින් දූපතෙහි පිළිරුවක් තබා ඇත මෙනිසා නගර සභාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරිය ටෙන්ඩරය ක්රියාත්මක කල නොහැකිව තිබේ.
පසුගියදා පැවති මිගමුව සංවර්ධන කමිටු රැස්වීමේද මේ පිලිබදව සාකච්චා වූ අතර මෙම පිළිරුව තැබීම සදහා මිගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් එම්මානුවල් පියුම්වර්ධන මහතා මුලිකත්වය ගෙන කටයුතු කර ඇතිබව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පැවසිය.
පියුම්වර්ධන මහතාගෙන් මේ පිලිබදව විමසීමක් සිදුකල අතර ත් එයට තමන්ගේ සම්බන්දයක් නොමැති බවත් එම ස්ථානයේ විශාල ප්රමාණයේ වෙළද ප්රචාරක දැන්වීමක් සවිකිරීමට සුදානම් වීම නිසා ප්රදේශයේ තරුණයන් පිරිසක් විසින් මෙම පිලිරුව තබා ඇති බවපැවසිය.
මෙම ස්ථානය ආසන්නයේම තවත් පිළිරුවක් තිබියදී කවුරුන් හෝ විසින් මෙම පිළිරුව තැබීමෙන් දුපතේ වෙළද දැන්වීම සවිකිරීම නතරවී ඇති අතර මෙනිසා රජයට ලැබිය යුතු අදායමක් ලබාගැනීමද අවහිර වී ඇත.





