වෙඩි මඩුවක පිපිරීමක් 20 හැවරදී තරුණයෙක් මියයයි

කටාන පොලිස් වසමේ, කිඹුලාපිටිය ආඩිඅම්බලම පාර අංක 40/21/13, අශෝකාරාමය  ලිපිනයේ පිහිටි, රතිඤ්ඤා නිෂ්පාදනය කරනු ලබන ම අඩි මඩුවක් තුළ අද 9 දින පස්වරු 3.30  ට පමණ ,  සිදුවී ඇති පිපිරීමක් හේතුවෙන් විසි හැවරදී පුංගු දොරේ නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ තබා ඇති අතර ඔහු බණ්ඩාරවෙල පහල කොටස ටෙක් වත්ත  ලිපිනයේ පදිංචි කරුවෙකී .

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ  සිද්ධිය පිලිබදව වැඩිදුර  විමර්ශන සිදුකරයි

මියගිය තරුණයාගේ මළසිරුර පිපිරිම සිදුවූ ස්ථානයෙන් සිට අඩි විස්සක් පමණ ඈතට විසිවී තිබී ඇත .

කිබුලාපිටියේ  ගිනිකෙළි  කම්හල් නිසි ප්‍රමිතියකින් පවත්වා ගෙන නොයාමත්   නියාමනයේ ඇති දුර්වලතාත් හේතුවෙන් මෙවැනි පිපිරීම් නිතර  සිදුවන බවත් මියයන බොහෝ දෙනා  දුෂ්කර පළාත්වල සිට පැමිණෙන අඩු ආදායම්ලාබී පවුල්වල  තරුණයන් බවත් ප්‍රදේශ වාසීන් පවසති.

කිඹුලාපිටි යෙන්  අපහසුවකින් තොරව බලපත්‍ර නැතිව   වෙඩි බෙහෙත්  මිලදී ගැනීමට හැකිවීමද මෙම පිපිරීම් වලට එක් හේතුවක් බවද මෙවැනි පිපිරීම් වලට ෆ්ලෝකරේට් වැනි පුපුරන ද්‍රවය අනාරක්ෂිතව යොදා ගැනීමද තවත් හේතුවක් බව නම හෙලිනොකිරීමේ පොරොන්දුව මත අපවෙත තොරතුරු ලබාදුන් බලපත්‍ර ලාභී ගිනිකෙළි නිෂ්පාදකයෙක් පැවසිය.

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img