කටාන ප්‍රාදේශීය සභාවේ පාලනයේ පවතින සුසාන භුමිවල්වැදී ඇතිබවත් එය මළවුන්ට කරන නිගාවක් බවත් අප අවස්ථා කිහිපයකදී පෙන්වා දෙනු ලැබිය එම සුසාන භුමි අතරින් රුක්අත්තන හන්දිය අසල පිහිටි සුසන භුමිය ඉදිරිපිට සිදුකර ඇති අවහිර පිලිබදව 2019 වසරේ සිට අප තොරතුරු අනාවරණය කළෙමු එහෙත් එකල සිටි දේශපාලන අධිකාරිය නිලකාලය අවසන් වනතෙක්ම එම අවහිරතා ඉවත් කිරීමට කටයුතු නොකරම ගෙදර ගියෝය.
වත්මන් ජාතික ජනබල වේගයේ ප්‍රාදේශීය සභා නියෝජිතයන් සමග පොදු කටයුතු පිලිබදව අදහස් හුවමාරු කරගත් අවස්ථා වලදීද මෙම සුසානභුමිය ඉදිරිපට තත්වය පිළිබදවද සාකච්චා කළෙමු මේ අනුව 93 E කදිරාන කොට්ඨාශයේ කටාන ප්‍රදේශීය සභාවේ සභික නලින් සමර දිවාකර මහතාගේ මැදිහත්වීමෙන් සුසාන භුමිය ඉදිරිපිට තිබු අවහිරතා ඉවත්කිරීමට කටයුතු කිරීම අගයකල යුතුව ඇත.
වෙනදා පාරේ නවත්වන අවමංගල රථය අද සුසාන භුමිය අසලටම ගෙන තිබු අතර වෙනදා මෙන් කළුගල් වැලි ගොඩවල් උඩින් නොපැන ඥාතීන් සුසාන භූමියට පහසුවෙන් ගමන්කරනු දක්නට ලැබුණි.සුසාන භුමිය තුල තවදුරටත් ඉතිරිව ඇති කැලයද ඉවත්කර ආරක්ෂිත වැටක් ඉදිකර මෙම සුසාන භුමියේ ඉතිරි අඩුපාඩු ද සම්පුරණ කර සුසාන භුමිය නිසි ක්‍රමවේදයක් යටතේ පාලනය කිරීමට කටයුතු කලයුතුව ඇත
සබැදි පුවත්
රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කැලයෙන් යටවේ- ව්‍යාපාරිකයන් ඉදිරිපස අවහිර කරයි







