කටාන ප්‍රාදේශීය සභාව තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයන් හට තොරතුරු ලබාදීම මගහැරීමේ උපක්‍රමයක්ලෙස ඉල්ලා ඇති තොරතුරු සභාව සතුව නොමැති බව දැන්වීම ආරම්භ කර තිබේ.
මෙවැනි දැනුම් දෙකක් පිලිබදව දැනටමත් තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචන ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා අංක RTIC/Appeal/1584/2025යටතේ ලියාපදංචිකර 2026.04.24 දින විභාග කිරීම සදහා දින නියමකර ඇත.
විනිවිධ භාවයකින් කටයුතු කිරීම අරමුණු කරගත් දේශපාලන ව්‍යාපාරයක පාලනයේ පවතින කටාන ප්‍රදේශීය සභාව විසින් තොරතුරුවලට පිවිසීම සදහා ඇති අයිතිය වැළැක්වීම සදහා උපක්‍රම යෙදීම කණගාටුවට කරුණකි.





