හීන්කෙන්ද බරඅවි අතට ගනී ……….

බාලදක්‍ෂ සංගමය, සිංහ සමාජය , මිගමුව ජායාරූප ශිල්පින්ගේ සංගමය සහ රියදුරු පුහුණුව ලබාදෙන්නන්ගේ සංගමය වෙත නොමිලයේ බුක්ති විදීමට ලබාදී තිබු ඉඩම් යලි නගර සභාව බාරයට ගැනීමට කටයුතු කරමින් සිටින බව දක්නට ඇත.

මෙම සියලු දේපොළවලට අනවසරයෙන් ඇතුළුවීම තහනම් බවත් මිගමුව  මහා නගර සභාව සතු දේපොලක් බව සදහන් දැන්වීමක් අලවා ඇති අතර බාලදක්ෂ සංගමයේ ගේට්ටුවට මුද්‍රා තැබූ  ඉබිඅගුලක් දමා වසා ඇති අතර සිංහ සමාජයේ සහ මිගමුව ජායාරූප ශිල්පින්ගේ සංගමයේ  ගොඩනැගිල්ලේ එක් දොරකට පමණක් මුද්‍රා තැබූ  ඉබිඅගුලක් දමා වසා ඇත. සිංහ සමාජයේ සහ මිගමුව ජායාරූප ශිල්පින්ගේ සංගමයේ පිවිසුම් ගේට්ටු අද උදැසන 8.00 වනවිටත් විවෘත්තව පැවතුනි. රියදුරු පුහුණුව ලබාදෙන්නන්ගේ සංගමය සිදුකරන පුහුණුවීම් කටයුතු වෙනදා මෙන් සිදුකරනු දක්නට ලැබුණි.

මිගමුව මහා නගර සභාව විසින් මහා කොලබ  ආර් තික  කොමිසම සතුව තිබු  අක්කර දෙකයි රුඩ්එකක් සහ පර්චස් 11 ක් විශාල නගර මධයේ පිහිටි කඩොල් කැලේ  නමැති මෙම ඉඩම රුපියල්  විසිහතර ලක්‍ෂ විසිදහසක මුදලක් ගෙවා මිලදීගෙන ඇත්තේ 1993.03.26 දිනදිය.

ප්‍රසිද්ධ නොතාරිස් ආර් එස් කේ විජයරත්න මහතා විසින් ලියා ඇති මෙම ඉඩමට අයත් අංක 295 දරණඔප්පුව 1993.04.29 දින මිගමුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්  යාලයේ A 217 /227   ඉඩම් ලේඛනයේ සටහන්කර ලියාපදිංචි කර ඇත.

වත්මන් වෙළද පොළ වටිනාකම  මිලියන 1290 ක් පමණ මෙම ඉඩම කොටස්කර නොමිලයේ බුක්තියට ලබාදී ඇතිබව අප වෙබ්අඩවිය මගින් මිගමුව නගර සභාව කෝටි 129 ක් වටිනා ඉඩමක් පිනට දෙයි යන සිරස්තලයෙන් 2026 පෙබරවාරි 19 දිනවාර් තා  කළෙමු.

මිගමුව නගර සභාව කෝටි 129 ක් වටිනා ඉඩමක් පිනට දෙයි …..?

.මෙම දේපොළ අත්පත් කරගැනීමට ගෙන ඇති තීරණය මෙන්ම  වැල්ලවීදිය දේවස්ථානය නමින් බිල්පතක් නිකුත් කරමින් සෙල්බිපාරේ නතරකරන වාහනවලින් මුදල් එකතු කිරීම(කප්පම්ගැනීම ) අවසන් කිරීමට සහ සෙල්බිපාරේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද  නගරාධිපති වරයා විසින් කටයුතු කර ඇත.

නගරාධිපති වරයාගේ කටයුතු මන්දගාමී යයි සමාජ මාධ්‍යයේ මෙන්ම සමහර නාගරික මන්ත්‍රීවරු අතර කතාබහක් පැවති අතර කලබලයකින් තොරව නියමිත නිත්‍යානුකුල පියවර අනුගමනය කරමින් ඔහු තමන්ගේ බලතල ක්‍රියත්මක කිරීම ආරම්භ කරමින් සිටිනබව  දක්නට ඇත.

මේවා ක්‍රියාත්මක කිරීමට යාමේදී දිනකට දහස් ගණනින් මුදල් උපයාගත් කණ්ඩායම් විවිධ උපක්‍රම මගින් සුපුරුදු කටයුතු කිරීම සදහා විවධ බලවතුන් හරහා බලපෑම් කිරීමට ඉඩකඩ ඇති අතර කකුල්  මාට්ටු නොදා ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදීම සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ වගකීමකි

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img