මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ සහ මිගමුව නව මත්ෂ්‍ය වෙළදපොලට අයිතිවාසිකම් ඇතිබව ප්රකාශකල ආගමික සංස්ථාවට සහ ධිවර සමිතියට එම අයිතිවාසිකම් ඔප්පු තිරප්පු මගින් ඔප්පු කිරීමට ලබාදී තිබු සතිදෙකක කාලය අවසන්ව ඇතිබැවින් එම දේපොළ සම්බන්ධයෙන් ඉදරි නීතිමය කටයුතු ආරම්භකල බව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පැවසිය
ඒ මහතා මෙම අදහස් පලකලේ ග්‍රීන්ස් පාරක් පිටියේ නගරසභා දේපොළ මිනුම් කටයුතු සදහා පැමිණි අවස්ථාවේදී 18 දින අප විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මිලියන 42 ක් ජයිකා ආයතනයේ මුදල් වැයකර ඉදිකළ මිගමුව මත්ෂ්‍ය වෙළදපොලෙන් සහ ඒ අවට පාරවල් වල නතරකරන වාහනවලින් වැල්ල විදිය දේවස්ථානයනමින් ටිකට පතක් නිකුත්කරමින් වසර ගණනාවක සිට මුදල් එකතු කරනු ලැබීය.
මේ වනවිට කෝටි ගණනක මුදලක් එකතු කරගෙන ඇතත් සත පහකවත් මුදලක් රජයට හෝ නගර සභාවට ලබාදී නැත. එමෙන්ම නව මත්ෂ්‍ය වෙලදපොලේ ගොඩනැගිලි සකස්කර තිබු යකඩ ටොන්ගනනක් කපාගෙන ගියබවටද මෙහිසිටින වෙළදුන් මාධ්‍යට අවස්ථා ගණනකදී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මේ මුදල් කොල්ලය පිලිබදව ජාතික පුවත්පත්වල නාලිකාවල මෙන්ම ඩ්ජිටල් මාධ්‍ය අවකාශයේද වසර ගණනාවක් තිස්සේ පුවත් පලවිය.
එහෙත් හිටපු පාලකයන් මෙම රජයේ දේපොළ කොල්ල කෑම වැළැක්වීමටකිසිදු පියවරක් ගත්තේ නැත.
සබැදි පුවත්






