ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති ශාන්ත මරියා පාසල විසින් ක්‍රීඩා පිටියක් ලෙස භුක්ති විඳිනු ලැබූ ඉඩම මීගමුව මහා නගර සභාවට අයත් ඉඩමකි. එම ඉඩම කාමච්චෝඩ් කිං ජෝර්ඡ්චුයිට් සායනය නිල නිවාසය ක්‍රීඩා පිටිය යන කාර්යයන් සඳහා යොමු කර ඇති අක්කර 01 රූඩ් 02 පර්චස් 31.11 විශාලත්වයෙන් 702N ඔප්පු අංක හා 1922.09.30 දින ම බවත් මීගමුව මහා නගර සභා වත්කම් ලේඛණයේ සටහන් වී ඇත.

මීගමුව මහා නගර සභාවට අයත් මෙම ඉඩම 1997 اඅගෝස්තු 19 දින සිට 2022 දක්වා වසර 25කට මීගමුව ශාන්ත මරියා විදුහලේ ක්‍රීඩා පිටියක් ලෙස භාවිතය සඳහා බදු ගිවිසුමක් යටතේ බදු දී තිබු නමුත් කිසිදු මුදලක් ශාන්ත මරියා විදුහල විසින් මීගමුව මහා නගර සභාවට ගෙවා නැත.

තවද මෙම ඉඩම 1997 මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අඳින ලද කැඩස්තර අංක. 16570 සිතියම නිරීක්ෂණය කිරීමේදී මෙය මීගමුව මහා නගර සභාවට අයත් ඉඩමක් බවට සඳහන් කර ඇත. කරුණු මෙසේ තිබියදී මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය අනෝමතික ලෙස මෙම ඉඩම රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශ කර සිටියි. නමුත් මෙම දේපළ 1922 වැනි කාලයේ දී එවකට ආණ්ඩුවකාරයා විසින් 702N යන ප්‍රධාන පත්‍රයක් මඟින් මෙම ඉඩම මීගමුව මහා නගර සභාව ( එදා මීගමුව නාගරික දිස්ත්‍රික් සභාව – Negombo Urban District Council ) වෙත ප්‍රදානය කර ඇත.

එසේ හෙයින් “මෙම භූමිය පොදු ක්‍රීඩා පිටියක් ලෙස සංවර්ධනය කර මීගමුව මහා නගර සභාවේ පාලනය  යටතේ ප්‍රදේශයේ පාසැල්වල ක්‍රීඩා කටයුතු සඳහා ලබා දීමටත් පාසැල් විසින් ප්‍රයෝජනයට නොගන්නා අවස්ථාවල වල ආදායමක් උපායා ගැනීමට හැකි වන පරිදි සුදුසු වැඩපිළිවෙළක් යෙදීමටත්, ක්‍රීඩා පිටිය සඳහා වෙන් කර ඇති කොටස හැර ඉතිරි බිම් කොටස වන කිං ජෝර්ජ් ඩුයිට් නිල නිවාසයේ වසර 40 කට ආසන්න කාලයක සිට පවත්වා ගෙන ගිය මාතා සායනය නැවත එම ස්ථානයේම ආරම්භ කර පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු යැයි සජිත් මෝහන් නාගරික මන්ත්‍රී වරයා ඉදිරිපත්කල යෝජනාවක්  විසින් ඉදිරිපත්කල යෝජනාව මෙම මස 10 දින පැවති මිගමුව මහානගර සභාවේ මාසික සභා රැස්වීමේදී සභා සම්මත විය.

යෝජනාවට පක්ෂව ජන්ද 36  ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු නාගරික මන්ත්‍රීවරයෙකු ජන්දය ප්‍රකාශ නොකළ අතර ජන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු10 දෙනකු සභාවේ නොසිටි අත‍ර එක් මන්ත්‍රී වරයෙකු ජන්දය දීමෙන් වැලකි සිටි අතර මන්ත්‍රීවරු තිදෙනක් එදින මහාසභාව සදහා පැමිණ නොතිබුණි.

මේ පිලිබදව පැවති විවාදයේදී  සභාව ඇමතු සියලු නාගරික මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව අදහස් පලකිරීමද විශේෂත්වයකි.

සබැදි පුවත්

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

Hot this week

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...

මිගමුව මහා නගර සභාවේ පරිසර විනාශයක්

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

මන්ත්‍රී නලීන් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන යානා 39 ක් රේගුව රදවාගනී

කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා...

ගිණිකෙළි නිෂ්පාදනය පහල යයි සේවකයන් රැසකට රැකියාව අහිමිවෙයි

ගිණිකෙළි නිෂ්පාදනය සදහා අවශ්‍යකරන වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍ය මිල...

ප්‍රමිතියකට නැති නගර සභාවේ කුරණ කොම්පෝස්ට් අංගනය

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

Topics

ශ්‍රී ලංකා – නෝරවේ ධීවර සබඳතා නව මාවතකට

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img