දීර්ඝ කාලීනව ඉතාලියෙන් පිටව සිටීමේදී සොජෝර්නොව අවලංගු වෙනවාද?

දීර්ඝ කාලීනව ඉතාලියෙන් පිටව සිටීමේදී සොජෝර්නොව අවලංගු වෙනවාද?

ඉතාලි සොජෝර්නෝව ඇති ඔබ විවිධ හේතුන් මත ඉතාලියෙන් බැහැරව සිටන අවස්ථා වලදී එහි නිත්‍යානුකුල තත්වය පිලිබඳ තොරතුරු දැනගෙන සිටීම වැදගත් වේවි.

කාර්තා දී සොජෝර්නෝව හිමිකරුවන් හට ඉතාලි දේශ සීමාවෙන් පිටත වාසය කල හැකි උපරිම නිත්‍යානුකුල කාලසීමාව මාස 12 කි. මෙම කාලසීමාවේ බලපෑම ඇතිවන්නේ අඛණ්ඩව මාස 12 ක් ඉතාලියෙන් පිටව සිටීමේදී පමණි. තවද ඔබ ලංකාවේ සිටියද යුරෝපා සංගමයෙන් පිට සිටියද අදාලවනුයේ එම නීතියයි.
ඔබ කාර්තා දී සොජෝර්නෝව සමඟ ඉතාලියෙන් පිට යුරෝපා සංගමයේ රටක වසර 6 ක් වාසය කරන්නේ නම් හෝ ඔබ එරට විසීමේ බලපත්‍රය ලබාගන්නේ නම් ඉතාලි කාර්තා දී සොජෝර්නොව ස්භාවිකවම අවලංගු වේ.
ඔබට ඇත්තේ වසරක් හෝ වසර දෙකක් සඳහා වලංගු පෙර්මෙස්සෝ දී සොජෝර්නෝවක් නම් ඔබට නිත්‍යානුකුලව ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය ගණනය කෙරෙනුයේ සොජෝර්නෝවෙහි වලංගු කාලසීමාව අනුවය. එය සොජෝර්නෝවෙහි වලංගු කාලසීමාවෙන් අඩකි. එනම් ඔබගේ සොජෝර්නෝවේ වලංගු කාලසීමාව වසරක් නම් ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය අඛණ්ඩව මාස 6 ක් වන අතර සොජෝර්නෝවේ වලංගු කාලසීමාව වසර දෙකක් වන අවස්ථාවේදී ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය අඛණ්ඩව මාස 12 කි.
එසේ උවද පහත සඳහන් සුවිශේෂී අවස්ථා වලදී ඉහත නිත්‍යානුකුල සීමාවන් සඳහා සහනයන් හිමිකර ගත හැක. එනම් රෝහල් ගතවීමට සිදුවූ අවස්ථාවකදී, ස්වාමියා / බිරිඳ හෝ සමීපතම පවුලේ සාමාජිකයින්ගේ බරපතල රෝගී අවස්ථාවකදී. ඔබට ඒ සඳහා අදාළ සියලු ලියවිලි සහතික කර ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතුය.

SrilankaWeb.News
ඉහත වෙබ් අඩවියෙනි

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img