ලංකාවේ අපරාධ වලින් 45% සිදුවන්නේ බස්නාහිර පළාතේ

දිවයිනේ වාර්තාවන අපරාධ වලින් 45%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ දුන්ගාල් පිටිය පොලිස් ස්ථානය වීවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුව අමතමිනි.පොලිස් ස්ථාන සංඛ්‍යාව 400 සිට 600 දක්වා වැඩිකිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ඉදිකළ දුන්ගාල් පිටිය පොලිස් ස්ථානය 491 වන පොලිස් ස්ථානය බවද ප්‍රකාශ කල  ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා ප්‍රදේශයේ නිතිය සහ සාමය රැකීම සදහා පොලිසියට මහජන සහාය අවශ්‍ය බවද  සදහන් කළේය.

පොලිසියෙන් ලබාගතයුතු මහජන සේවාවන් ලබාගැනීම සදහා කිලෝමීටර් 13ක් පමණ දුරගෙවා ගෙන  මිගමුවට යාමට  දුන්ගාල් පිටිය අවට ප්‍රදේශ වාසීන්ට  මෙතෙක්කල් තිබු අපහසුතාවයද  නව පොලිස් ස්ථානය නිසා මග හැරේ

දුන්ගාල් පිටිය පොලිස් ස්ථානයට අයත් බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9.3 ක් වන අතර බල ප්‍රදේශය තුල ග්‍රාමනිලධාරී වසම් 12 හක 30500 ක පමණ ජනගහනයක් ජිවත් වේ.

නව පොලිස් ස්ථානයේ .ස්ථානාධිපති වරයා වශයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ටි ආර් එම් සි රණසිංහ මහතා කටයුතු කරන අතර උප පොලිස් පරීක්ෂක වරුන් තිදෙනෙක් සහ සෙසු නිලයන් 43 ක් දැනට මහජන සේවය සදහා අනුයුක්ත කර ඇත.

අංක031 2230888 සහ 0312230889 දුරකථන වලින් මහජනතාවට දුන්ගාල් පිටිය නව පොලිස් ස්ථානය ඇමතීමට හැකියාව ඇත

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img