කොලබට පැමිණි ඇමරිකන් යුදනැවේ අක්කර 4.5 ගුවන් තොටුපොළක්

ඇමරිකා එක්සත් ජනපදයට අයත් USS නිමිට්ස් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු පිරිවර ප්‍රහාරක නෞකා කණ්ඩායමක් සෙනසුරාදා (ඔක් 28) කොළඹ වරායට ළඟා විය.

USS නිමිටිස් ලොව විශාලතම යුද නෞකා අතරින් එකකි.

ඇය සමග කොළඹ වරායට ළඟා වූ සෙසු යුද නෞකා අතර USS ප්‍රින්ස්ටන්, USS හාවර්ඩ්, USS ෂූප්, USS පින්ක්නි සහ USS කිඩ් වෙති.

ප්‍රහාරක නෞකා කණ්ඩායම ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

USS නිමිටිස් ,1985 වසරට පසු ශ්‍රී ලංකාවට ළඟා වූ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි.

නිමිට්ස්

සැපයුම් භාණ්ඩ මිල දී ගැනීම සහ නාවිකයන් රට තුළට පැමිණ හේතුවෙන් ඇමරිකානු නෞකා සමූහය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් කෝටි 154 ක මුදලක් එක් කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

USS නිමිට්ස්

  • දියත් කළ වර්ෂය 1972
  • නැව් තලයේ සිට කුඹ ගස දක්වා උස තට්ටු 23 ඉක්මවයි
  • නෞකාවේ දිග දළ වශයෙන් මීටර 333
  • ගුවන් යානා අංගනයේ විශාලත්වය: අක්කර 4.5
  • ගමන් කළ හැකි නාවිකයන් සංඛ්‍යාව 5000
  • දිනක ආහාර වේල් සැපයුම 18,000 +
  • දිනකට නිෂ්පාදනය කරනු ලබන පිරිසිදු ජලය: ලීටර ලක්ෂ 15
  • අවම වශයෙන් දින 70 සෑහෙන ශීත සහ වියලි ආහාර ගබඩා කර තබා ගත හැක (මූලාශ්‍ර: USS නිමිට්ස්, ඇමරිකානු තානාපති කාර්යාලය)

USS නිමිටිස් ඇතුළු නෞකා සමූහය ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ මහජන සේවා කටයුතු සඳහා සහභාගී වීමට ඇමරිකානු නාවික සෙබළුන්ට අවස්ථාව හිමි වනු ඇති බව ඇමරිකානු තානාපති අතුල් කේෂප් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී නාවික අභ්‍යාසයක් පැවැත්විණි

මුල් පුවත BBC සිංහල වෙබ්අඩවිය

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img