32 C
Negombo
32 C
Negombo

මුස්ලිම් කොන්ග්‍රසයේ මිගමුව සංවිධායක ශාෆි රහීම්ට දැඩි කොන්දේසිමත ඇප

-

ලංකාව තුල පුද්ගලික  භාවිතය සදහා අවසර ලබාදී නැති  අධිතාක්ෂණික  විදුලිසංදේශ  උපකරණ සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර  ගතකර සිටි මුස්ලිම් කොන්ග්‍රසයේ මිගමුව සංවිධායක ශාෆි රහීම් මහතා

ලක්‍ෂ පහක් වටිනා ශරීරඇප දෙකක් සහ  මුදලින් රුපියල් 30000 ක ඇප මත මුදා හැරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය අද 25 දින නියෝගකළේය.

විදේශ ගමන්තහනමක් පැනවූ අතර සෑම ඉරිදා දිනයකම මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා කරන ලෙසද  නියෝග කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මැයි මස 7 දින මිගමුව පෙරියමුල්ලේ ලාසරස් පාරේ පිහිටි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා ගේ නිවාස පරීක්‍ෂාවට ලක්කල  අවස්ථාවේ  ඔහු සන්තකයේ තිබී මෙම අධිතාක්ෂණික විද්‍යුත් උපකරණ  සොයාගෙන තිබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.