උතුරු – නැගෙනහිර ඇතුළු පළාත් කීපයකට අධික වැසි සුළං සමග අකුණු අනතුරු

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  මධ්‍යහන 12.00 හට මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහඋතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද රාත්‍රී සිට තවදුරටත් වැඩිවේ යැයි අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ.

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල,පොළොන්නරුව, බදුල්ල, නුවරඑළියසහමහනුවර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක.

අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාවසහ මාතලේ දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150)පමණ තද වර්ෂාපතනයන්ඇති විය හැක.

කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොටදිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

වයඹ,උතුරසහඋතුරු-මැද පලාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here