ලක්ෂ 36ක ව්‍යාජ තෝරා බිඩි සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්

-

තෝරා බිඩි නමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද ලක්ෂ 36 ක් පමණ වටිනා බිඩි තොගයක් සමග අසුවූ පුද්ගලයන් දෙදෙනකු සහ  ඒවා ලේබල් කිරීමට සහ ඇසුරුම් කිරීමට අයිතිකරුගේ අවසරයකින් තොරව මුද්‍රණ කටයුතු සිදුලක පුද්ගලයෙකු මෙම මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය 21 දින නියෝගකළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පිටිපන මැද පිටිපන පදිංචිකරුවන් බවකියන ගයාන් කරුණාතිලක ධම්මසිරි ෆොන්සේකා සහ කුසුම්සිරි රණවක යන තිදෙනායි.

බිඩි නිෂ්පාදන ආයතනයේ හිමිකරු ජෙරාඩ් ප්‍රනාන්දු මහතා නියෝජනය කරමින් අලවිකලමනාකරු විසින් දුන්ගාල් පිටිය පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව රක්ෂිත බන්ධනාගාර ගතකළ පළමු සහ දෙවන සැකකරු එම ආයතනයේම සේවකයන් දෙදෙනකි.

සියලු දීමනා සහිතව මසකට රුපියල් ලක්ෂයක පමණ වේතනයක් ලබාගනී මොවුන් විසින් බිඩි නිෂ්පාදනයකර ඒවාට ව්‍යාජ ලේබල් අලවා ඇසුරුම් කර තෝරා බිඩි නමින් අලවිකිරිම දිගුකලක් තිස්සේ කරගෙන ගොස් ඇත.

ඔහුගේ පැමිණිල්ලේ සදහන් වන අන්දමට වාර්ෂිකව රජයට මිලියන 380 පමණ අදායම් සහ සුරාබදු වශයෙන් ගෙවීම් සිදුකරන මෙම බිඩි නිශ්පාදන ආයතනයේ 15000 ක පමණ පිරිසක් ඍජු සහ වක්‍ර රැකියාවල නිරතව ඇත.

මෙසේ ව්‍යාජ ලෙස සකස්කල ප්‍රමිතියකින් තොර නිෂ්පාදන තම ආයතනයේ නමින් අලවිකිරීමෙන් බරපතල මුල්‍ය අලාභයක් සිදුවන බවද අලවි කළමනාකරුගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්වේ

දුන්ගාල් පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජයරත්නද සිල්වා මහතා සමග පොලිස් කොස්තාපල් 22615 ලක්මාල් යන නිලධාරී විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here