කෘතීම ගංජා සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කරයි …….

-

කුඩු වශයෙන් සකස් කළ  කෘතිම ගංජා කිලෝ ග්‍රෑම් 32සහ ග්‍රෑම්988ප්‍රමාණයක් අඩංගු පාර්සල් රැගෙන යාමට පැමිණ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් තිදෙනකු  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවාගෙන ප්‍රශ්න කිරීම සදහා මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා 27 දින අවසර ලබාදුන්නේය

මෙසේ රදවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් වන්නේ   සිල්වා මාවත, ආනියාකන්ද, නාගොඩ, කඳාන ලිපිනයේ පදිංචි  ලියනගේ උපුල් තුසිත ප්‍රනාන්දු (49 ) මහජන මාවත, ගුණවර්ධන ප්‍රදෙස, අතුරුගිරිය පදිංචි බුලත්සිංහලගේ උපුල් ශ්‍රියන්ත කුරේ(,63)  කැටවල මුල්ල  පාර, දෙමටගොඩ, කොළඹ 09 මොහිදින් මොහොමඩ් ඉර්ෂාඩ්(27 )යන තිදෙනාය.

හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ , මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කර ඇති අතර , එහිදී කිලෝ ග්‍රෑම් 32සහ ග්‍රෑම්988 පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා   කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයා ගෙන මෙම පුද්ගලයන් ද සමග  අත් අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයසැකකරුවන් අධිකරණය හමුවට පමුණුවමින්  පැමිණිල්ල මෙහයවිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here