පොහොට්ටුවෙන් පළුවක් ගැලවෙයි – පළමු ජනරැලිය ජනවාරි 19

-

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී පිරිසක් එක්ව ගොඩනගන ලද නව සන්ධානයේ කාර්යාලය රාජගිරියේ ලේක් ඩ්‍රයිව් නො 118 ස්ථානයේ විවෘත කිරීමත් සමග එහි වතගොත සෙවීම සඳහා බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්
එම නිසාම රාජපක්ෂ පවුලේ මෙන්ම එම කඳවුරේ ප්‍රබලයින්ද මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ වෛරී සහගත මෙහෙයුමක් දියත් කරමින් සිටින බව වාර්තා වේ
එහි ආසන්නතම සිදුවීම වුයේ පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට රාජපක්ෂ පවුලේ හම්බන්තොට සහ මාතර පුතුන් දෙදෙනෙකු පැමිණ මෙම නව සන්ධානයට උදව් කරන ප්‍රධාන පුද්ගලයෙකු ඉන් ඉවත් කර දෙන ලෙස ඉල්ලා තිබීමයි.එහෙන් හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්විමද විශේෂත්වයකි
තත්වය එසේ තිබියදී නව සන්ධානයේ මන්ත්‍රීවරුන්ටද පසුගිය සතිය වඩාත් කාර්ය බහුල විය. ඊට හේතුව වුයේ නව දේශපාලන වැඩපිළිවෙල ගැන විවිධ පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කිරීමයි
ඒ අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන ප්‍රගතිශීලි පක්ෂ කිහිපයක්ම ලන්සා ඇතුළු මන්ත්‍රී පිරිසගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක හා තවත් ස්ථාන කිහිපයකදී හමුවී නව සන්ධානයේ ඉදිරි කටයුතු ගැන සාකච්ජා පැවැත්වුහ
ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් සමග මේ වන විටත් සාකච්චා අවසන් කර ඇති අතර ඉදිරි සතියේ තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්චා කිරීමට ලන්සා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම වෙලාව වෙන්කර තිබේ
මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, ලසන්ත අලගියවන්න, නිමල් ලන්සා ,දුමින්ද දිසානායක,නලින් ප්‍රනාන්දු,මහින්ද අමරවීර,පියංකර ජයරත්න ඇතුළු පිරිසක් පසුගියදා ප්‍රවාහන අමාත්‍යංශයේදී හමුවී නව සන්ධානයේ මංගල රැලිය ලබන වසරේ ජනවාරි 19 වෙනිදා පැවැත්වීම ගැන සාකච්චා කර තිබේ.ඒ වන තෙක් මේ ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමටද මෙහිදී තීරණය විය.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිමල් ලන්සා අතරද විශේෂ හමුවක්ද පසුගිය සඳුදා පැවති අතර එහිදී ලන්සා මේ ගැන ජනාධිපතිවරයාද දැනුවත් කළේය
මේ අතර දැනට වැඩිම දේශපාලන පක්ෂ ගණනාවක් එකතුව සිටින්නේ මෙම නව සන්ධානයට වීමද කාගේත් කතාබහට ලක්ව තිබේ
තවත් සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් රැසක් සමග ඉදිරි දින කිහිපය තුළ සාකච්ජා පැවත්වීමට නියමිත බව රාජගිරිය නො 118 කාර්යාලය තහවුරු කරයි
නව වැඩපිළිවෙලට සම්බන්ධ වීම සඳහා පොහොට්ටුව ගැන කලකිරුණු බිම්මට්ටමේ බොහෝ මන්ත්‍රීවරුන් මේ දිනවල ලන්සාගේ සහ කණ්ඩායමේ සෙසු මන්ත්‍රීවරුන්ගේ දුරකතන වලට කතාකරයි
විපක්ෂයේ ප්‍රබල දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙක්ද නව සන්ධානය ගැන විමසමින් ලන්සාට දුරකතන ඇමතුම් ලබා දුන් අතර ඉදිරි සතියේ ඔවුන් හමුවීමට ලන්සා ඇතුළු මන්ත්‍රී පිරිස සුදානමින් සිටි
මේ අතර හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා හමුවීමට හිටපු ආයතන ප්‍රධානින් කිහිපදෙනෙකු පැමිණියේ අලුත් සන්ධානය ගැන දැන ගැනීමටය.
“ඇත්තද ඔබතුමා අලුත් සන්ධානෙන් කොළඹට චන්දෙ ඉල්ලන්න හදනවා කියන්නේ”හිටපු සංස්ථා සභාපතිවරයෙකු විමසිය
“ඔව් සභාපතිතුමා දැනට මම ඒ වැඩපිළිවෙල හදාගෙන යනවා වත්මන් දේශපාලන රටාව දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා ඒකයි අපි මිනිස්සු බලාපොරොත්තුවෙන වෙනසකට යන්න හදන්නේ’සුගීශ්වර කිවේය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here