රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට

රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී අවශ්‍යවන වෛද්‍ය සහතිකය ලබාගන්නට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවූ අයුරු ඔබට මතක ඇති.

පෝලිම්වල පැය ගණන් ගත කරමින් රියදුරු වෛද්‍ය පරීක්ෂණයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීම වෙනුවට දැන් නිවසේ සිට එම කටයුත්ත සිදුකරගත හැකියි.

ශ්‍රී ලංකාවේ ඕනෑම අයෙක් වලංගු රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා යා යුතුවන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටයි.

එම සේවා සැපයෙන වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය සහ ඊට අනුබද්ධ ආයතන පිළිබඳ දිගු කලක් තිස්සේ බොහෝ දෙනා තුළ පැවතියේ අප්‍රසාදයකි.

ඒ, අතරමැදියන් ජනතාවගෙන් අල්ලස් ලබා ගැනීම්, කාර්යක්ෂම සේවාවක් නොලැබීම නිසා කාලය අපතේ යාම් වැනි චෝදනා රැසක් සමඟයි.

මෙම තත්වය සමස්ත රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විරෝධාකල්ප මතුවීමටත් එක් හේතුවක් වුණි.

අකාර්යක්ෂම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන්නේ මීට විසඳුම් ලබා දීමටයි.

ඒ යටතේ ජනාධිපතිවරයා ඉකුත් දෙසැම්බර් 26 වැනිදා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණියේ කිසිවෙකුටත් නොදන්වමින්ය.

ඒ අනුව එහි පළමු පියවර ලෙස ,රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටීමට දිනය සහ වේලාව නිවසේ සිටම වෙන් කරගැනීමේ ක්‍රමවේදය දැන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සකස් කර තිබේ.

පැය ගණන් පොලිම්වල සිට ඔබ ලබාගත් එම සේවාව දැන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ  www.ntmi.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

එම වෙබ් අඩවියේ Online Appoinment තීරුවට පිවිස ඔබට වෛද්‍ය පරික්ෂණයට පැමිණිය හැකි දිනය සහ වේලාව තෝරාගත හැකියි.

එම දින වලට අදාල කාල පරාසය ඒ වනවිටත් වෙන් කරගෙන ඇත්නම් එය රතු පැහැයෙන්ද , වෙන් කර නොමැති කාල පරාසය කොළ පැහැයෙන්ද දිස්වෙයි.

දිනය තෝරාගත් පසු ලැබෙන තිරය වෙන්වන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු සටහන් කිරීමටයි.

ගෙවිය යුතු සේවා ගාස්තුව වන රුපියල් 800ක මුදල ද ඔන්ලයින් ක්‍රමයටම ඔබට ගෙවිය හැකියි.

අනතුරුව වෙන් කරගත් දින ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ කෙටි වේලාවක් තුළදී මෙම වෛද්‍ය සහතිකය ලබාගත හැකි වෙයි.

රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතික නිකුත් කරන ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ නුගේගොඩ ප්‍රධාන ශාඛාවෙන් දැනට මෙම සේවාව ලබාගත හැකි අතර ඉදිරි දෙසතිය තුළදී වේරහැර කාර්යාලයෙන්ද මෙලෙස දින වෙන් කරගැනීමට පහසුකම් සැලසෙයි.

නුදුරේදීම දිවයින පුරා සියලු ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන ශාඛාවලත් මෙම ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇත.

එමෙන්ම මෙම සේවාව ජංගම දුරකථනයෙන්ද ලබාගැනීමට යෙදවුම ක් ඉදිරියේදී හඳුන්වා දෙන බවද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

adaderana

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img