31 C
Negombo
31 C
Negombo

මතට පෙති විකුණු y හන්දිය අසල ෆාමසිකරුවෙක් අත්අඩංගුවට

-

පිළිගත් වෛද්‍යවරයෙකුගේ  නිර්දේශය මත පමණක් අලවිකලහැකි වේදනා නාශක පෙති අධික මිලගණන් වලට මත් ලෝලීන්ට අලවිකල මීරිගම පාරේ වයි හන්දිය අසල   බටහිර ඖෂධ අලවිසැල් හිමියකු මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකය විසින් 7 දින  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවල දුනගහ පදිංචි අයෙකි

.මොහු විසින් අධි මාත්‍රාවෙන් යුක්ත වේදනා නාශක වෛද්‍ය වරයෙකුගේ නිර්දේශයක් සහිත බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව  මත් ලෝලීන්ට අලවිකරණ බවට ලැබුණු තොරතුරකට අනුව උපායදුතයෙකු යොදා සිදුකල වැටලීමකදී සැකකරු  වේදනානාශක පෙති 815 ක් සමග  අත්අඩංගුවට  ගෙන තිබේ.

 

නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකල මෙම වැටලීමට උපපොලිස් පරීක්‍ෂක කේ කේ  මහින්ද පොලිස් කොස්තාපල්වරුන් වන 48929 චන්දන 82804 කුමාර 84546 නිමේෂ් සමග පොලිස් රියදුරු 85438  ජයකොඩි  යන නිලධාරින්ද සහභාගිවී ඇත.

මිගමුව කොට්ටාශයේ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරී කොට්ටච්චි මහතාගේ අධීක්ෂණය යටතේ  සිදුකරන වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

පුස්තකාල ජායාරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.